Wednesday, February 19, 2014

පුබුදුව.....



පහන් සිළක්
දැල්විලා.....
සඳයි තරුයි
තරහ වෙලා.....
හිරුට වඩා එළියයි නුඹ....
සඳුට වඩා සිහිලයි මට....
ලොවට වඩා....
අගනා නුඹෙ කිරිකැටි සිනහව....
හදවත සිරවී ඇත
ඔය මොළකැටි අත් මිට....

හිතේ පවුරු බිඳ හෙළා...
සිතිවිලි යයි...
උතුරලා....
ගතේ වෙහෙස සතුටක් වී.
හද පොපියයි...
නුඹ නිසා.....

ලොවම පෙමින් පුරවලා....
අඳුර මැදින්
ඉරිතලා...
දිවියේ දුක අමතක වෙයි
පුංචි පුතේ...
නුඹ නිසා....

හිතක පැතුම් වැල් ලිහී...
තවත් හදක
පටලැවී.....
මැවුනු සිඟිති ලපටි කැකුළ.....
හිනැහෙන් 
මව් තුරුලෙහි......

ගතේ රුහිරු උණු වෙවී....
මවයි බරැති
සිතිවිලි......
දිවි සයුරේ පහන් කණුව.....
පුතේ නුඹයි
මාහැඟි........

3 comments:

Dinesh said...

අපූරුයි හැමදාමත් වගේම..

සෝරෝ said...

සෑහෙන කාලෙකින් ආවේ මේ පැත්තේ... තාමත් ඉස්සර වගේ ලස්සනට ලියනවා නේ... අලුත් පත්වීමට සුභපැතුම්...

Lahiru Udayanga Siriwardhana said...

සුපිරි සහෝ