Saturday, March 29, 2014

නෝක්කාඩු


රෝස මලක් පිපිලා
හදවත මැද....
ගැස්මක් පාසා
කටු පැටලෙයි......
රිදුම් නොදෙන මල්.....
මෙදියත නැතිවද...
හති හලනා ආලය....
විමසයි....

ගලන රුහිරු වැද....
හමන සුවඳ මත.....
අමුතු වසන්තෙක
සිරි පැතිරෙයි......
සැලෙන කඳුළු නෙත....
පැහැය වසන් කොට....
හීන දිගන්තෙක
සිත ඇලලෙයි......

දැනෙන සසල බව
කැවෙන පපුව තුළ...
සිහින මැදින්
එබිකම් කරලයි....
බලන බලන අත..
රැඳුනු මලවි දැල....
කඳුළු මතින්
සිතිවිලි ගෙනයයි......






2 comments:

Hasitha said...

කාලෙකින්නේ මේ පැත්තේ ආවේ :)

Mahesh Rathnayaka said...

කවිය ලස්සනයි ඒත් කමෙන්ට් දාන්න ගියාම එපා වෙනවනෙ...
කමෙන්ට් එම්බෙඩ් දාන්න.. මෙහෙම පොපප් වෙනකොට ලියන්න යන දේවලුත් අමතක වෙනව