Tuesday, August 12, 2014

අබිනික්මන


මල් වඩම් සිහිවටන......
එපා මට ගුණකථන......
සුභ සිහින මත වැතිර
ලිහාලනු මගෙ මතක.....
කාලයේ වැලි අතර
සැඟව යන්නට ප්‍රථම....
ආලයෙන් මිදෙන්නට
සොඳුර මට අවසරද?...

පියදසුන් මුදුවදන්.....
සිනාමල් මිලින කොට...
සුසුම් වැල් කඳුළු මත....
සතපවා සිසිල් කොට....
මතක කැටපත් පවුර
මකා ඔපලනු පිණිස...
අවරගිර ගිලෙන ඉර....
නව හෙටක් මවනු ඇත....

බැඳි හුයෙන් රැඳි පතුම්...
රළු සුළං හා මුසුව....
හඬතලයි නොමදැනී
හද ගැස්ම කම්පිතව....
කැටි ගැසුනු වේදනා
මරා සිඳලනු පිණිස.....
මැවෙන අළුයම ඉසිමි....
සෙනෙහෙ මත දියෙහි පෙණ...

4 comments:

Pasan said...

රසවින්දෙමි....

Dinesh said...

අපූරුයි, හැමදාමත් වගේම..

පබලු said...

හුග දවසකින් මේ පැත්තේ ආවේ..ලස්සනයි

ayesha said...

නියමයි