Saturday, February 21, 2015

ප්‍රතිවිෂ.....


සිනා මුවින්
මම මුවා වෙමින්
බලා හිඳිම්
හිස් දෙනෙත් තුලින්.....
පිය වදනින්
නොබැන හිඳිම්..
සිතින් දරාගෙන
උරණ විකුම්...
උතුම් පැතුම්
වියැකෙමින් හෙමින්..
මිලාන හදවත
පිරෙයි පවින්....

බලාපොරොත්තුව
පතුල බිඳී.....
පතූ පැතුම් දිය යට සැඟවී....
සිතෙහි උපන් මල
නටුව මතම අද මිලානවී.......
අරුනළු සැඟවී...
කළු වලාකුලක් හදවත පිබිදී.....
මන්දාරම ඇත අද
මගේම වී......

සිහින සපත්තුව
පතුල ඉරී...
සිලිටි සිතෙහි රළු බොරළු හැනී.....
ළමැද උපන් දුක
සිහසුන මත අද සක්විති වී....
හිස ගිනි ඇවිළී.....
ඒ අළු දුහුවිලි කඳුලින් සරුවී....
විෂ මලක් පිපී.....
ලොව වුවන සිඹී......

1 comment:

akikaru sithuwili said...

Agei sahoo obage sithuwilla.... Jaya...