Sunday, March 8, 2015

කටවහ....


දිගු කරන් හෙලි
තද කරන් කිළි
පෙනෙන නොපෙනෙන සේ රුවා.....
උදහසින් පිරි
කොළ නුවන් ඉරි
මදහසට කරමින් මුවා..........
අනුහසින් පිරි
මහ සභා මැද
අනුන් හෙළු පිළි සෝදනා......
හිස් අහස මත
මැවුනු තතු මත
කරන සහසක් චෝදනා.....
ලිඳ මගේ නම්
මා ලිඳේ නම්
කාටවත් ඇයි වේදනා..

2 comments:

Unknown said...

පට්ටයි................ අම්මපා කාටවත් අැයි වේදනා.........

WildRose/SnowDrop said...

Shaa niyamai!