Sunday, March 15, 2015

ඊට පස්සෙ.....


නිල් පාට රෝස මල....
තෙල් පාට....
මූණ උඩ....
ඇල්මැරුණු හීනවල.....
රහ බලනවා.....
සිල් බින්ද සළු අගට....
පණ දෙන්ට
නැහැ වචන...
හති හලන ලවන් මත...
සිත දුවනවා........

ඔබ එක්ක හීනවල....
දිග මැන්න රෑ.....
හිත අස්සෙ උපන් මල....
හංගන්න බෑ.....
නුහුරු නුපුරුදු හුස්ම....
වැදී පෙති ගිලිහෙන්න......
පණ ගැහෙනතුරු
ඔන්න ඉඩ දෙන්නෙ නෑ...

කාලයට ඉඩදෙන්න
සිහිනයට බෑ..
උණුහුමට සමුදෙන්න
හිත දෙන්නේ නෑ.....
සෙනෙහෙ මත නුරා සිල....
මැවී වියැකී යන්න.....
හුස්මකටවත් එන්න
ඉඩ දෙන්නේ නෑ........

3 comments:

Unknown said...

අැත්තට ම ලස්සන ගීතයකට ගැලපෙන පද ටිකක්

ayesha said...

niyamai. kalekin awe blog 1 peththe

WildRose/SnowDrop said...

A great poem ..wonderful!