Thursday, May 28, 2015

අනුතාපය


දෑස නොසලා
අවදියෙන් ඉමි
දැවෙන හදවත් වාරුවෙන්.....
මගෙම පිළිකුල් අසුර වෙස
නෙත ගැටී.....
නොම දැනී හැඳි පිළි සිඳී.....
සෙළුව අළු හා මිතුරු වී.......
සිතුවිලි ලිහී....
ගත උමතුවී......
කල....
උදහසේ කෙළි නෙත ගැටී...
සියොළඟින් ජනිතවූ විළියෙන්.....
නොමළ නුවණැස පැනනැඟී.....
සුරත් වත සමඟින් මිදී..
සැඟව යන්නට අර අඳී....
ළහිරු අබිමුව...
ගැහෙන පිණිබිඳු සේ
මහද දුක ලඟ වැටී......
ඔබා දණ බිම......
කමා යදිමින......
මගෙම පිළිඹිබුවට වඳී....

Tuesday, May 12, 2015

සවිරාම ප්‍රේමය...


බැල්මකට නතුවී
පත්තුවී...
මහද රෑ මැද සදා අවදියෙන්...
එක හීනෙකට කොටුවී.....
ලැබූ සුව අහිමිවී...
මැකී වියැකෙමින්....
සරන සියොතුන් ආකාහේ.....
බලයි මා දෙස...
දැන් අරුමයෙන්....
අහිමි වූ සෙනෙහේ...
මතකයන්.....
සැලෙයි උණුහුම සමඟ සියොලඟින්........

නෙතට නොපෙනෙයි....
සුමට වට පැහැ....
ගතම දැල්වෙයි...
දැනී පෙම් රහ.....
කියන්නම් කතන්දරේ......
නිදැල්ලේ පෙරම්බරේ....
මැවෙන කිරණේ......
සළුව දිගහැර....
සෙළුව මත හිඳ....
නළුව නිමකොට......
වසා සිහින යන්තරේ......

සිතැඟි ඇවිළෙයි...
ගැටී නුඹ ඇහැ....
මසිත මුමුණයි
නොකී පෙම් බහ...
විඳින්නම් සුසුම් සරේ.....
අගුළුලා නුවන් දොරේ.....
මැවුනු සිහිනේ...
ලියා ලඝු කොට.....
දෙහද අතරේ හොවා සිරකොට...
සැඟව යමු අනන්තයේ....