Thursday, May 28, 2015

අනුතාපය


දෑස නොසලා
අවදියෙන් ඉමි
දැවෙන හදවත් වාරුවෙන්.....
මගෙම පිළිකුල් අසුර වෙස
නෙත ගැටී.....
නොම දැනී හැඳි පිළි සිඳී.....
සෙළුව අළු හා මිතුරු වී.......
සිතුවිලි ලිහී....
ගත උමතුවී......
කල....
උදහසේ කෙළි නෙත ගැටී...
සියොළඟින් ජනිතවූ විළියෙන්.....
නොමළ නුවණැස පැනනැඟී.....
සුරත් වත සමඟින් මිදී..
සැඟව යන්නට අර අඳී....
ළහිරු අබිමුව...
ගැහෙන පිණිබිඳු සේ
මහද දුක ලඟ වැටී......
ඔබා දණ බිම......
කමා යදිමින......
මගෙම පිළිඹිබුවට වඳී....

2 comments:

තිස්ස දොඩන්ගොඩ said...

මේක පොහොසත් අලංකාර නිර්මාණයක්...
හොඳ පාපොච්චාරණයක්..

Samanmalee Abayasiri Gunaweera said...

අනුතාපය හෙවත් පසුතැවීම රුදුරුයි