Sunday, August 9, 2015

සම්මුතිය


අඳුරු ගුහාවක
සෑඟවී ඉන්නෙමි....
රුදුරු මගෙම
සෙවනැල්ලෙන්.......
එළිය නොමැති තැන
අඳුරක් නැති බව.....
සිත කොඳුරයි
සැනසිල්ලෙන්.....
ගැහෙන ළැමෙහි බර...
නොදැන රඟන හිස්
අහංකාර
හසරැල්ලෙන්......
මුහුවෙන්ට විනා
බැහැ යන්ට පලා.......
මේ හිරු මියගිය
හිමිදිරියෙන්.....

2 comments:

කුරුටු ගෑ ගී පවුර said...

අමුතුයි සොදුරුයි...... මේ කමෙන්ටු දාන ඒක තව ටිකක් විතර ලේසි කරානං.......

ayesha said...

ලස්සනයි