Sunday, November 15, 2015

හපේ...


අපේ තීරුවෙ
ඇති ලපේ දැක
කිතිකැවී හිත දස අතේ...
සක්මන් කරයි
ඉක්මන් වෙමින්...
තනියම හිමින් යන
හද හොරෙන්
ඔසවා දැහැන් බිඳි අවසරෙන්...
මිරිකා වැරෙන්....
කක්ෂය යටින්..
මුහුවෙනා
සඳුන් පුසුඹට ලොබින්....
මුසපත් වෙමින්..
බරවුනු කිළින්..
හැලේ උණුහුම සියොලඟින්....
ඇසිල්ලෙන්
යලි ගැස්ම ඇරඹී...
වැස්ම පියවී
රස්නෙ ගිලිහී....
පිට ඔපේ යට
ඇති හපේ දැක
හද හලයි
සැනසුම් සුසුම්.....

3 comments:

Nuwan S said...

ගති

Unknown said...

සුපිරියි...................

Unknown said...

ලස්සනයි..
ගොඩක් වෙලාවට වෙන්නෙ මුල් ටික විතරයි.
සුසුම් හෙලද්දි ගොඩක් පරක්කුයි