Monday, May 2, 2016

වියරුව.....


රඟපාන්න මට බැරුවට
උඹ මට බැන අඬගානව
නෝක්කාඩුවට බය හිත
දැන දැන උඹ මගහරිනව
ඇතුලාන්තයම දියවී....
පෙරී ඇවිත් සිත දවනව.....
ලෝකාන්තයෙන් පහළට
ඉගිල යන්ට මට හිතෙනව....

ශෝකාන්තයක කෙළවර
රෝස මලක් උඹ හොයනව...
කල්පාන්තයේ සිහිනෙක
හිරවී හිත හති හලනව...
සෙනෙහෙවන්ත අතීතයේ
නටබුන් හිමිහිට දිරනව...
කඳුළු මතින් සිනහවතක්
විත් සිහිනෙන් අතවනනව...