Sunday, October 23, 2016

ඇස්බැන්දුම


වෙස් මුහුණකට
පෙම් කරමි
විවර කරන් හිත
රවට්ටගෙන හදවත....
පණ ඇති දෙයකට වඩා.....
ගැස්මක් ඇතැයි
පතාගෙන....
වියැලිච්චි
ඇස් පිටිපස.....
හිස් මිනිසුන්න්ට වඩා
නුඹ හොඳයි
මගෙ හිතවත....
උපතින්ම හිස් වුනත්....
ඇතුළත.....
තෙත් බවක් දැනෙයි....
මට....
ඔය ලෙන්ගතුකම මත....
බලාපොරොත්තුවක් නැතත්....
පොදි බැඳගෙන.....
නිදහසේ වැතිරෙන්න
හිතෙයි
ඔය රුව මත....
ඉසිඹුවක් නොදී මට.....
රිදවාපන්.....
යළි යළිත්.....
සිහිගන්වන්නට....
මං තාම අවදියෙන් වග.....

Wednesday, October 19, 2016

සැකය


සිත අයාලේ
යයි පියාඹා
මඟහැරී ආ කාරණේ.....
අරමුණක් නෑ
සැනසුමක් නෑ
දින සති ගතවේ පාළුවේ....
හඹායන්න
හීනයක් කොහිද....
දුක කියාගන්න
කැටපතක් කොහිද...
සැඟව තෙරපී...
මගෙම හිත අස්සේ....
ලොව දිහා විපරමෙන් හිඳිමි
පොඩි ජනේලයකින්
හැම තිස්සේ...
සිතිවිලි නිදයි වැස්සේ....
හදවත ටිකෙන් ටික හිස්වේ……
මුත් එය නොවෙයි ප්‍රශ්නේ....

Friday, October 14, 2016

අභිනය


පෙනි පෙනී
මිනිස්වාසය.....
ලියාතැබුවෙමි
මනස්තාපය.....
අවසාන හෙයින්
හෙටින් මාගේ සදාදරණීය
වනවාසය.....
පුරුදු පුහුණු කලයුතුය
පරණ ආටෝපය.....
වුවන මත තවරා
සිනහ ආලේපය......
වසා පළුදුවූ අඳුරු
ආලේඛය….
මවා දෙනෙතින්
කෘත්‍රිම ආලෝකය...

Thursday, October 6, 2016

මූනිච්චාව


හිත මරාපන්....
යළි හිටෝපන්...
මොකවත්ම වැවෙන්නැති
මුඩු බිමක......
කෙළවරක.....
කඳුළු පිණි යන්තමට
වෑස්සෙන උල්පතක....
සිනහවෙන් නැති හන්දා..
සරදමට ඉර එළිය....
අඳුරෙන්ම එළිය කොට....
නිතිපතා සාපකොට
ඉපැද්දූ පොහොට්ටුවෙ
ඇති අඳුරු කැරැට්ටුවෙ....
විළි වසා මදහසින්
තවරලා සුවඳ පැන්...
මුළු ලොවට පුදාපන්........
ආදරෙන් ඉඹින්නට.....
ආයෙමත් වතාවක්.....