Friday, May 10, 2019

අයිතිවාසිකම


ඇත්ත ඇති සැටියෙන්
දකින රිසියෙන්....
කඩා බිඳ දමා....
බැඳුම්....
සහ සම්බන්ධ....
සියළු ඇළුම් බැළුම්....
අයිතියක් ඇත්ද 
රිදවන්ට අන්සතු සිත්...
මා සිතු පමණින්.....
නිවෙන්නට මා හිතින්.....
මිදෙන්නට මේ දුකින්....
ආත්මර්ථය....
පළමුකොට තබා...
පළා යන්නද කෙසේ...
නිරුවතින්.....
හිස් අතින්.....
හිත පමණක් ගෙන මිටින්....

Wednesday, May 8, 2019

පරාජය


තනි තනිව
සටන් වදින ලෙසට
සිතිවිලි වලට අණදෙමි.....
ප්‍රේමයට
පහර දෙනු පිණිස...
රාගයට පණ දෙමි.....
අන්ධකාරයට ලොබ බැඳ
ආලෝකයට සමුදෙමි......
වසන්තයට මඟහැර.....
ගිම්හානය වැලඳගමි....

ඉබාගතේ...


මගේ හිත
මහ මුඩු බිමක්.....
කොයිතරම් නම් සී සී සෑවත්...
ලැබෙන්නේ නැති පලක්.....
මහේ හද තුළ තිබුනත්...
හිස්ව ඉඩ කොපමණක්....
ධාරාණිපාතව වැස්සත්.....
පිරෙන්නේ නැති වැවක්....
ආසාවට විතරක්
නෑ නෙව සීමාවක්...