Sunday, July 28, 2019

අවනතිය


උඩුගං බලා පිහිනමි
සුරතින් රැගෙන අභිමානය....
වමතින් වසාගනිමින් අවමානය....
යති හිතෙහි ජනිතවන...
හීන මානය....
අඩපණ කරයි...
සැඩ පහරට එරෙහිව....
සටනට පණ පොවන
උන්නතිකාමය......
ලෙහා දමමින් බරැති ධවල
සන්නාහය....
දියවයන්නට හරිමි
කීර්තිමත් සන්නාමය.....

No comments: