තෙරක් නොපෙනෙන
වැලිතලාවක.....
වැතිර උන්නෙමි......
උඩුකුරුව මම......
නොපිට පෙරළුනු කුරුමිණියෙකු සේ.......
නැගිට ගන්නට බැරි නිසා.....
වලාකුලකුදු නොමැති අහසක....
පට්ට අව්වේ තට්ට තනියම.....
සිහින සහසහසක්
බල බලා......
අඩියෙ චුට්ටක් ඇති නිසා.....
හිස හැරෙව්වෙමි
නෙතු පිනෙව්වෙමි.....
අවට ඇති පාලුව බලා........
ඇහැකි නම් මට....
මෙතැන මෙලසින්
හිඳ මියෙන්නට....
එළිය සොයාගිය ආවාගියෙකු සේ.......
තිබුනි නම්
මට ශක්තියක්.......
කැගසන්නට වීරියක්.....
නැතිව වාගෙයි....
කාත් කවුරුත්
ලන්න සැකයේ වාසියක්....
1 comment:
ම්ම්ම්.... ආවා කියෙව්වා... ගියා.. උඹ ඉදලා ඉදලා ලිව්වත් ඒ හැම දෙයකම බලන්න දෙයක් තියනවා බං..
ජය..
Post a Comment