ගසා අඬබෙර....
වසා මුවදොර.....
සිනාසෙමි මම...
ඇඬූ කඳුලෙන.....
බිඳී විසිරුණු....
පැතුම් පොදි බැඳ......
මුවා කෙරුවෙමි....
හදේ ගිනියම......
හිතේ මැලවෙන...
මහා තනිකම....
මකා ඇවිලෙයි...
මතක සිතුවම.....
සිහින ඇහැරෙන...
මහා පිපුරුම...
ලඟම එයි...
පුපුරුවාගෙන කස....
විදා හල හිස්...
නෙතේ කඩතුර....
ගසා හල අළු...
මවයි උදහස.....
මරා මදහස.....
පුරා නුඹ කුස....
සරයි කිළුටින්....
සිලිටි වුනු හිත......
විරාගී මන....
තලා පොඩිකොට....
සරගී නෙතු
මකයි සරතැස.....
විලම්භීතව
සිනාසෙමි මම....
මගේ විජිතය...
අරාජික කොට....
අමන්දානන්දයට
මූලික
හේතු ප්‍රථ්‍යය
නොවේ සත්‍යය.....
මේ වසන්තය
සදානන්දය
දුක අනන්තය....
මා අනාථය......
4 comments:
අදයි මම මේ බොග දැක්කේ අහම්බෙන්, පට්ට බොගක්නේ.. ජයම් වේවා...!
.............................. අනේ මන්ද..
අහ්... නියම ගැළපීම පද ටික
ඔන්න මමත් ඔලුව දැම්මා මේ පැත්තට... කවි සිත කදිම පාටයි...
දිගටම එන්නම් ජය !
Post a Comment