Saturday, September 22, 2012

ප්‍රායශ්චිත්තය



නිදහසේ වපසරිය....
සොයා යන....
උදහසේ පරිමිතිය.....
බලා යන.....
මදහසේ අනිමිසය....
මුලා කල....
ජීවිතේ අවනතිය....
වෙලා නුඹ....

ආදරේ පරිමත
සොයා මේ මිහිමත....
ගියා නුඹ කතරක...
අතැර
නිල් දිය කඳ.....
සැබෑවන සහසක්....
සිහින අතරින්
අහසක්....
සොයන
කණ කැස්බෑ නෙතකට...
නොවෙමි
විය සිදුරක්.....
ගිලීයන සෙනෙහසට...
ඩැහැගන්ට
එකම එක....
පිදුරක්.....

ජීවිතේ ගලිවරය
කරා යන....
ලිලිපුට්ටෙකුට මුවා
වුන.....
මරණයේ චුම්බනය
අකාලික....
වැළඳගමි ස්නෙහයෙන්
අසීමිත....

වැලපෙන්ට සිත්සේ...
නිම්නොවූ…
මැසිවිල්ලේ...
නිවී සැනසිල්ලේ.....
අතුල
සිතිවිල්ලේ.....
මුලාවුනු පහසක්....
සොයන
විලිබර හිතකට......
නොවෙමි
මම කිළුටක්.....
විඩාබර නෙතු පියන්
සනහන්ට...
මැවුනු නිදි
පැදුරක්.....

Saturday, September 8, 2012

කරකම....



තියාගන්ට තදකොට
ඉවසා
යෙදුවට තැත.....
කියන දෙයක් නාහන
මයෙ
අකුරු දෙකේ හිත.....
සබකෝලය
මුහුවුනු.....
සිනහව යහපත්කම....
ගොම්මන් අඳුරට
නොපෙනෙයි
ඒ දුප්පත්කම....

දකින දකින
මල්පෙති යට රැඳි
කෑඹළ වට
සොයා ඇදෙයි
පරදා
එක් දහස් එකක් මත....
මටම දමන
මගෙ ගැට....
එතිලා සිතුවිලි මත....
හදවත පැත්තකටවෙලා...
ඉඩහැර තිදොසට..

සීතල වටයා
රවුමට....
මුහුකොට තනිකම....
ගැඹුරට වැදිලා
හද දොරගුළු අඩවන් කොට...
හීන උන්ඩිකොට
සඟවා උණුහුම්
කෙසුරක....
රෑට නින්ද නෑ
දියවී වැගිරෙයි.....
කලිමල.....