Saturday, October 20, 2012

අමූලික....



අයි ඈම් වෙරි සොරි.....
මට හොඳටම වෙරි......
දැන් පදමට හරි......
හිටගන්ටත් බැරි.......
ගැහිලා හරි බරි.....
උන්නට සිතිවිලි.....
අහංකාර හදවත
ඉගිලෙන්න හදයි යළි.....

සතියේ දින අට
මට කවදත් මදි.....
අම්මපල්ල දවසේ
විසි පස්වෙනි පැය ඇති.....
කාලය පිරිමැස්ස්මෙන්
අනුභව කරන්නෙ අපි....
මොනව කලත් අයියෝ
අපෙ නෑ ඔය බොරු බිසී.......

කඹුරන තරමට....
හදවත ඇඹරෙනවා
කස්කුරුප්පු  සිත මත....
කවි පද ලියලනවා......
කවිහිත පාමුළ.....
මධුවිත වියැලෙනවා......
බඩේ උපන් සිංහය
ලෝකය අමතනවා.........

Saturday, October 13, 2012

මුලු මට්ටම....



අන්ධ බූත ජාතකයේ
බමුණාවෙමි මං.....
සියුමැලි අතකින්
එන හැඩි දැඩි පහරට ලොල්....
කඩතුරාව තුලින් දුටිමි...
ඔබේ කුමරුවන්...
ඒත් මහද තවම ලොබින්....
සොයයි පහස කම්.....

ආදරයට...
ආදරයක්....
නැහැ නොවෑ කිසි කම්පාවක්...
ජීවිතයට
ජීවිතයක්...
කොහෙද ඉතින් සංකාවක්.....
ලොබ බඳිනෙමි....
තිදොසට......
මට නම් නෑ ඉවසිල්ලක්....
සංසාරේ
තව දුර......
මරණය මහ රැවටිල්ලක්.....

ජාති ජාති.....
පතාන ආ....
ආදරේට නැවතිල්ලක්......
ඉපදුනු දා පටන්
පැතූ.....
ඉස්පිල්ලට පාපිල්ලක්......
දොස් පවරමි
මම මට.....
නැතිවට කිසි සැනසිල්ලක්....
රමණය අග
මරණය....
මැකිළියෙ තිට මැසිවිල්ලක්.....