Sunday, April 27, 2014

සාංකාව.......


වැරදි කරන තැන
කියන කියන කට.....
කැපි කැපි විසිරෙන
චීත්ත වාටි.....
බලන බලන අත
බිඳෙන බැඳෙන බැමි....
වැටි වැටි නැගිටින
සිතිවිලි පේළි....
ඇසෙන පෙනෙන සර...
මුවග රැඳුනු තෙත....
ඉපිලී සැඟවෙන....
රේන්ද පේළි....
අතර වැදුනු සිත.....
නොදැන දැවෙන විස...
යලි යලි වලිකයි....
හිඳින්න පේවී.....

මල් සුවඳට දහදිය
මුහුවී......
අඳුන් දෙ ඉර යට
ගිනි ඇවිලී.....
පනට වඩා පින
ලෙන්ගතුවී.....
ඉගිලෙන්න හදයි
ජය ටැඹ එසැවී....

එළිය ඇවිත් අඳුරේ
සැතපී.....
රවටන්න හදයි
නෙත් අඳ මලැවී....
හුයෙන් බැඳුනු
රූපය බොඳවී.........
පැන යන්න හදයි
නොදැමුණු සිතැඟී

1 comment:

Abeetha Edirisinghe said...

පෙරේදා මචන් මම ලේ දන් දීමෙදි උඹේ බ්ලොග් එක ගැන මතක කලා ... අපරාදේ උබ දැන් ලියන්නේ නැත්තේ කියලා... හැමෝම ඒ ගැන වොරි උනා... ඇවිත් බලද්දි පෝස්ට් එකක්....