Tuesday, July 30, 2019

සමන්තය

සංගතිය...
ඇල්මකින් ඔබ්බට ගිය.....
සංවේදය...
හදවතට ආවේනික රිද්මයට...
අනුනාදවන....
චෛතන්‍යය....
තනිව යන සසර මඟ....
කලින් කලට හමුවන....
නිරන්තරයෙන් සිහිවන...
විටෙක මත් බවෙහි දියවී....
වියැකෙන.....
අවිඥානකව රාගයේ උණුහුමට
වසඟ වන........
මොහොතක උණුහුමට ලොල්වී...
වැලපෙන....
ආත්මාර්ථයට බිළිවී...
නැවත පණ ගසන....
යථාර්තයට පිටින්...
සම්මතයට ඔබ්බෙන්.....
හෙවනැල්ලක් ලෙසින්
මගේ ලඟින්.....
බැඳීමක් නැති...
සැනසීමක් ද නැති....
පරමාර්ථයක් නැති....
තර්කානුකූලව එකිනෙකට අසම්බන්ධ
මුත්..
නිරන්තර වූ
මේ අනන්ත සෙවිල්ල...
අරභයා කරන මේ ආත්මීය වැමෑරීම....
අවසන
මායිම්වලට ඔබ්බෙන් ඉගිලී...
සොයා යමි..
සදාතනික ලතැවිල්ල....

No comments: