Saturday, January 7, 2012

කලකට පස්සේ වෙලකට බැස්සේ....



දන්නා පැත්තක
නොද්දන්න අස්සක......
මුල්ලක හැංගී....
ඉන්න සඳේ....
කොයි අව් අස්සක......
එන්ඩ ලැබේවිද...
හිත හිත
ලතවෙමි නිරන්තරේ.....
දෙන්න දෙපැත්තට
පැද්දෙන තාලෙට.....
හිත ගැස්සෙයි.....
මයෙ සැරින් සැරේ....
මල් පැණි විතරයි
තනියට ඉන්නේ.....
පාළුව වෙයි මගෙ
පරස්පරේ......

හිත යන පැත්තේ.....
පිණිදිය හිස්වේ.....
උණුහුම අස්සේ....
ගත මුසපත්වේ.....
හිත යට කැරකෙන
ජරමර අස්සේ.....
කලකට පස්සේ
වෙලකට බැස්සේ.......

බකන්නිලාගෙන....
හුළං උරාගෙන......
වැටී හිඳිමි.....
මාකටින් හිලේ......
පිටින් බලන උන්
දකින්නෙ දැන්
සිරිමත් මැන්චෝසන්
සර් වගේ.......
වෙරළු මල් සුවඳ
පිළුනුවෙලා......
යටලීයේ පිපි මල්
පරණවෙලා....
බලන බලන අත
Blank වෙලා....
මගෙ සුන්දර වල් හිත
Freeze වෙලා....

4 අදහස්...:

මාරයාගේ හෝරාව said...

නොදකින් ඉතරක් එන්නෙත් හාවා හඳ දකින්නැහේ..ඒ ඇවිත් කියන්නෙත් අවලං කතා...:D:D:D

Dinesh said...

මාරේ අයියා කියපු කතාවට මාත් එකගයි..මොනවා උනත් නියම අදහස අයියේ.. ලස්සනයි..

පිස්සා පලාමල්ල said...

ලියපන්කො බන් වෙනද වගේ... මරු අදහස මේක

ayesha said...

මාර කතාවක් තමා ඒක