Friday, November 23, 2012

වතුර....



තුරුළු කරන් බැන අඬගෑවට
දන්නවද
මම උඹට ආදරේ විත්තිය
බලන්ට එපා
ඔහොමටම
නෝක්කාඩුවෙන්
හිත බරවෙනව
මටත් නොදැනිම
මහ පුදුම හිස්කමකින්
බලාපන් අර හැංගිලා ඉර
ඒත් සුලඟට පවා
කැවී ඇත එහි සැර වැර....
ආකාහෙ නෙතු පියාගෙන
සැරසෙන්නෙ කඳුලක් සලන්නට
ඉතින් ඇයි මෙ නුඹේ කඳුලැලි
හීන මල්පෙති හේම නොතෙමන්
මාත් උඹ වාගෙම අසරණයි
මේ කටුක පොළොවේ
වියළි ගිනි ගහන පිට මත
තවත් එක කූඹියෙක් විතරමයි
මම....
පියාගෙන ඔය දෙනෙත්
මදකට බාරකොට නුඹේ
හිස මයෙ ළමැදට
තාලයට හද ගැහෙන
හීනයට පිවිසෙන්න
ඒ හීනෙ මට ඉන්න
පොඩි ඉඩක් තියාපන්..
මොකට වැට මායිම්ද
ජලයට වඩා උකුයි ලෙය

6 comments:

රතී, said...

ආදරයද...ස්නේහයද..කරැනාවද..නැත්නම් ඒ ඔක්කොමද?
මොනව වුනත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

Dinesh said...

" මොකට වැට මායිම්ද
ජලයට වඩා උකුයි ලෙය.."

හිතට දැනුනා මේ පේලි දෙක..

සිරාගෙ කාමරේ said...

ඡායාරූපය බොහොම සංවේදී බන්... මගේ හදවතට බරටම දැනුනා...ලියවිල්ලත් අපූරුයි...

ayesha said...

hm.m

පිස්සා පලාමල්ල said...

ජලයට වඩා උකුයි ලෙය...

මේක තමා වැදුනේ

Anonymous said...

දුක හාදු දෙන රෑයෙ හිත පතුලටම වෙලා යොවනෙ අපට විය විරහි හද ගිලන් වෙලා