Saturday, September 28, 2013

දසුන....


සඳ වත මත වැතිරී.....
බලා ඉමි මම
කාළවර්ණ අහස තුළ...
ඇස්පිල්ලමක වත්
ගහන්නට ඉස්පාසුවක් නැතිව....
ආදරණීය පොළෝතළය
දෙස...
ඉරිසියාවෙන් උනත්....
ලෙන්ගතුකමින් යුතුව...
හදා ගන්නට වලිකමින්...
ඇදුම් දෙන මයෙ පපුව.....
පිටුවාල් කල සතුට...
ඔච්චම් කරනවා මට...
මැවි මැවී...
පෙර වතක දුර මතක...
රතු කරයි
ඉරිතැළුනු හිස් දෙනෙත...
උස් පාත් වෙන සිහින....
අර අඳියි සටනකට...
තර්ක ඥාණය කොහිද......
හිඳ පැරද පළා ගිය....
ලෝකයට පිටුපාමි....
කෝපයට හිස නමමි....
හීනියට හීනවල.....
දිග පළල උස බලමි.....
තාරුකා නෙත් එපා...
මගෙ ලොවට එබෙන්නට...
හිත මිතුර මගෙ අඳුර....
වෙනවාද මගෙ සොඳුර....
වීදි රේඛා අතර තනිවමයි
ඔබෙ මතක....

3 comments:

දිලිනි said...

රිද්මය, වචන ටික, අර්ථය හැම දෙයක් ම අපූරු යි.

සිරාගෙ කාමරේ said...

ලස්සන පද පෙලක්...උත්සාහය සාර්ථකයි කියලා හිතෙනවා...

Comment moderation අයින් කරපන්...එතකොට කමෙන්ට් කරන්න ලේසියි...

රතීගේ දිනපොත said...

++++ කෙටියෙන් වුනත් ලස්සනයි.