තරඟයෙන් ඉවත්වෙමි.....
කාලය නවත්වමි....
තත්පර කටුව මත....
වකුටුවී නිදන්නෙමි.....
හිත පමණක් අවදියෙන්....
මං ගැනම සෝදිසියෙන්....
රීරිසියාවට විතරක්
රිදෙයි මේ චරියාවෙන්....
හති වැටෙන්නේ නැති කමින්...
හදවත විමතියෙන්.....
හැරි හැරී බලයි ආ මඟ දෙසම
ආතතියෙන්......
කියවන්න කම්මැලිම
අතීතයේ පාරට්ටු......
හොරැහින් ඉඟිමරයි
යටි හිතට කර තට්ටු....
අනාගතයක් කොහෙද....
වර්තමානයට වග නොකියන.....
පහන් තරුවක්
ඇතිද නිදහසට මඟ කියන.....
2 comments:
ලස්සන කවි ටිකක්
ජයවේවා!!!
අද තමා මේ පැත්තට ආවේ යාළුවේ. ඔයා ලස්සනට ලියනවා. හොඳයි. පට්ටයි. දිගටම ලියන්න. අපි ඉන්නවා බලන්න. හෙහ් හෙහ්...
Post a Comment