Tuesday, April 18, 2017

වටාරම


හදවත පැකිලෙයි
කළු සුදු ඉරි මත
සිතිවිලි වැලපෙයි
ඉඳහිට හෙමිහිට
අමතකවුනු ප්‍රේමය
හදිස්සියෙම පැමිණ
අවුස්සයි විරාගික සුන්බුන්
සොය සොයා
හදවතේ කළුපෙට්ටිය
සම්මතයට ඇති
අනියත බියමත
සමාප්තියට පිටුපාමි
අපලාපනය කොට යථාර්තය
නොදන්නා අනාගතයට බය
ගතානුගතික වර්තමානය
යලි යලි අවුස්සයි
අතීතය නම්
නිමක් නැති කුණු බක්කිය
පසසමි ගරහමි
මංම මගෙම හිත
හංගනවට
මටම හිතෙන දේවල් මට
ලැජ්ජාවට බය
මේ පුදුම ලෙන්ගතුකම
නැවතුම්පලක් සොයයි
ගිමන් හරින්නට....
නිමේශයකට....