Saturday, November 20, 2010

පාට පාට හීන....


මල් පිපෙන්නේ නැති
දාස් පෙතියා ගහකින්.....
හඳට ටිකට් එකක් අරං.....
බලාන ඉඳිමු අපි...
දළු දාන තුරු....
පරණ සිල්පර කොටං......
හඳ නැති රෑක
නැට්ට නැති ගෙඩියක්......
කොළ නැති ගහෙන් කඩං......
හිටවමුද අපි
ඇපල් ඇටයක්.....
නෙලන්නට හිතං දොඩං....

8 comments:

පුතා said...

මේවගෙ හිතෙන්ට නම් ඉතින් මල් නොපිපෙන දාස්පෙතිගහක්ම තියෙන්ට ඕන මචං...

ඉලංදාරියා said...

පට්ට අදහස ලොක්කා..

විසා නෑතුව හදේ යන හිතෙන්නේ ඔය වෙලාවට තමා..

රතු මුහුද said...

අනෙ මට මෙලොදෙයක් වට හෙන්නෙ නෑ.....(හෙමලයා )

ayesha said...

හ්ම් ඇත්තටම මරු

තක්ෂිල said...

think very deep.........

Hasitha Gunasinghe said...

කාලෙකින් හේමලයාගේ පැත්තේ ආවේ. වෙන්දා වගේම නියමයි :)

පිස්සා පලාමල්ල said...

මේක පට්ට... අමුවට අබරන ගමන්ද ලිව්වෙ...

සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....) said...

හිටවමුද අපි
ඇපල් ඇටයක්
නෙලන්නට හිතං දොඩං..!

නියමයි
ලස්සනයි!