Thursday, March 29, 2012

නිමේශය....



අව්ව වැස්ස මැද
දේදුන්න වගේ...
කඳුල හිනාව
අස්සෙ ආදරයත්...
මොහොතකට
පෙනිල
ආයෙම මැකිල
ගියත්...
ඒ දසුනෙ මතකය
අපි කොයි තරම් නම් කල්
හිතේ තියාගෙන
වමාරා කනවද අප්පා...

5 comments:

Dinesh said...

ගොඩක් ලොකු කාලයන්ට වඩා අපි නිමේශයක ගෙවුන මතකයන්ට සෑහෙන්න ආදරේ කරනවනේ..

මම ඩුමාංජරිය said...

ඒක ඇත්ත, ඒවා මතකෙට එන්නෙ හරියට විදුලි කොටනව වාගේ

වර්ෂා.. said...

ඇත්ත තමයි!

ayesha said...

hmm...m

Muthu Paba said...

hmm aththa...