අන්ධකාරේ...
ඉමි රාළේ...
මුලාවී.....
ඇගෙ ඉනාවේ.....
වන්දනාවේ....
හිත මාගේ...
ගොස් වෙලීලා
ඇගෙ හිනාවේ.....
පුන්චි කාලේ...
බැන්ද ආලේ...
දැන් කොහේවත්ම
නෑ නේ.....
මං සොයා ඒ....
මතක යායේ.....
සිතැඟි පැටලී...
ඇගෙ කතාවේ....
දුර අතීතේ....
හීන ආයේ.....
පාවි පාවී.....
ඇවිත් පේන මානේ......
ඔය හිනාවේ....
අරුත තේරේ.....
ගෑවි ගෑවී
ලඟින් ඉන්ට ඕනේ....
හීන ගැස්සේ.....
එළිය හිස්වේ...
නෙතු අගින්...
පැතුම් එළි දිස්වේ.....
හිත අගිස්සේ......
රැඳුනු රස්නේ.....
ඔය කැලුම් මල්
මිටින් සුමුදුවේ....
හිත අනන්තේ....
දුර දිගන්තේ.....
ආයෙ ඒවී...
හද අස්වසන්නේ....
සිනහ වැස්සේ....
කඳුලු හැංඟේ...
ඔබ ඇවිත්...
අරන් මගෙ වසන්තේ.....
3 comments:
හීනියි දිගයි හැඩයි !
"ඔබ ඇවිත්
අරන් මගේ වසන්තේ.."
අන්තිම පද දෙකනම් හිතට හොදට දැනුනා...
ම්... වසන්තේ ඇවිල්ලා
Post a Comment