Saturday, May 26, 2012

දියසේන....



තලමු පෙළමු....
භූමිය...
යවුලින්....
වියරුවෙන්....
පතා සුනිල
දිය දහරක්.....

සැළෙන ලෙළෙන
හිස්
සිඳිමින්...
විකල්ලෙන්....
පතා නිමල......
දිවි පෙවෙතක්.....

පෙනෙන දකින......
ඇස්....
කඩින්...
බඳිමින්...
පතා සොඳුරු....
පිය දසුනක්.....

බිඳිමු නවමු...
සිත්
සතන්....
රවටමින්...
පතා නිකැලැල්
පුහු සතියක්.....

පවසැති සෙයින්
මුඛ
වාඩමින්...
මඬිමින්...
පතා මිහිරි
පිය තෙපුලක්.....

නවාගෙන හිස
නෙත්
අයාගෙන
දයාවෙන
පතා කතරට
මහා වරුසාවක්....

4 comments:

තිස්ස දොඩන්ගොඩ said...

මේක නම් අද කාලෙට අපූරුවට ගැලපෙනව!

සචිත් said...

අරගලයක හඩක් .....

ayesha said...

hm..aththa kathawa thama

Dinesh said...

නියමයි...