Thursday, August 21, 2014

අභිමානය


ඔබේ පින් පෙට්ටියේ
මං සතේ කාසියක්
මියුරු අග බොජුන් මැද
පොඩි පාන් වාටියක්
දැවෙන හිරු මඬල මත
නියොන් ආලෝකයක්
මත් අතරමඟ හැළුනු
දිග අනාඝාතයක්...

පින් කොහිද මට සබඳ
නුඹ ලොවට එබෙන්නට
සින්දුවක පේළි ඇත
මගෙ සෙළුව වැසෙන්නට
සරා සඳ මරා මුව
වසා මුකුලිත පෙමින..
වලාපෙළ විරූපිව හඬයි
නුඹ නැති සොවින...

රන් හුයෙක රළු පහස
මුළු ලොවට පෙනෙන්නට
සන්ඩුවක් වෙමුද අපි
පෙම පසෙක නිධන් කොට...
විරාගික තරු එළිය
තෙමයි තෙත්බර හුස්ම..
හලා හල නුරා සිළ
දවයි සන්තානයම......

3 comments:

මම ඩුමාංජරිය said...

තෙත් බර හුස්ම
මැන බලනු
ආදරේ තරම නුඹට
රන් හුයක මුදු පහස
කියා පාන්නට
ලොවට නොව
මතු අනාගතයට
නුඹයි මගෙයි
අභිමානය.....
කවි පෙල සුන්දරය පාන වාටි මැද රස බොජුනක් මෙන්ම

ayesha said...

කාලෙකින් උනත් ඇවිත් බලන්න හිතෙන්නේ මේවා අපූරු අදහස් නිසාතමා යාළු

Samanmalee Abayasiri Gunaweera said...

For some reason this reminds me of Wuthering Heights. Catherine Earnshaw and Heathcliff.