Friday, November 17, 2017

ආයාචනය


ආරෝපණය කොට
පණගන්වනු මැනවි.....
මගේ සුප්ත...
හදවත....
මකාලනු මැන
ඒකාකාරී චර්යානුගත.....
සිතිවිලි රේඛාවල
අනිච්චානුගව මැවෙන
මැසිවිලි.....
පුළුස්සා දමා යල් පැන ගිය.....
අඳුරු සෙවනැලි.....
ප්‍රතිනිර්මාණය කලමැනව...
පලාගොස් ඇති
මිනිස්කමේ අසරණකම්...
උණුහුම්කොට අයෙමත්.....
තැන තැන ගල් ගැසී ඇති
කඳුලැලි.....

1 comment:

مؤسسة سما المثالية said...
This comment has been removed by a blog administrator.