Wednesday, March 23, 2011

නොහැකියාව....



මගේ දිහා ඔබ බලා ඉන්නවා...
මුළු රෑ තිස්සෙම....
හිස් නෙතු අග්ගිසෙන්
වෑස්සෙන කඳුලු කැට දිහාවම
මට බලා ඉන්න බැරුවම......
හිත පළායන්න හැදුවම....
හදවත වලකවන්නෙ ඇයි
ආයෙමත් වතාවක්....
ඔය දෑසට......
කඳුළු දෙන්ට බෑ මට.......

අනුකම්පාවක් නෙවෙයි මේක......
මට කම්පාවක් විතරයි තනියට.......
කොම්පාසුවක් වගේ මගේ හිත
හැරෙයි ඔබගෙන් ඈතට........
හීන සරුන්ගල්.....
හිත් අහසේ....
හැඩ මාරුතයක මං මුලාවෙලා........
දීන සිතුම් වැල්.....
හුය පැටලී .....
මඟ අහිමිව අද හිඳී බලා.....

ජීවිතයම ඔබ බලා ඉන්න ඇති....
කුමාරයෙක් එනතුරු....
මඟ බලන් ඉතින් මම මොනව කරන්නද......
අසරණ හිත මඬිමි තද කරන්.......
මට දරාගන්ට බැරි දුක.......
අරගෙන පළායන්න හැදුවම.......
හදවත වලකවන්නෙ ඇයි
ආයෙමත් වතාවක්....
ඔය දෑසට......
කඳුළු දෙන්ට බෑ මට......

4 comments:

Dinesh said...

ලස්සනයි කවිය.....

හිස් අහස said...

හ්ම්....

මේක වර්ණනා කරන්න තරම් මගේ හිත කලාකාමී නෑ බං .. මම කියන්නම් මේක ලස්සනයි කියලා . අවංකවම !

පිණිබිඳු... said...

කඳුළු දෙන්න බැරි නම් ඒ ඇස් වලට ඇයි නවතින්නෙ නැත්තෙ ඒ ඇස් අයිතිකාරි ලඟ

ayesha said...

ම්........ හරිම ලස්සනයි යාළු