නරඹනවා
මම නරඹනවා
සැරසෙනවා
ඔබ සැරසෙනවා....
සැලෙන ලෙලෙන ගත
ඇලෙන ලවණ රස
පිරුණු ළමැද මත
දිවයනවා......
සිත දියවෙනවා
විළි මියැදෙනවා....
වැයෙන වැයෙන මත
සමග ගැහෙන හිත...
තාල විරහිතව ඇලලෙනවා....
ඉහළ පහළ යන
හුස්මට නැහැ ඉඩ....
දෙනෙත් වලින් ඔබ අයැදිනවා.....
නරඹනවා
මම නරඹනවා
සැරසෙනවා
ඔබ සැරසෙනවා....
ලොවට පෙනෙන රස
කයට දැනෙන කොට
මතට බරව හිත ඇවිලෙනවා....
මැවෙන මයෙම වත
දිලෙන දිගැස මත
නෝක්කාඩුවෙන් හිනැහෙනවා...
නරඹනවා
මම නරඹනවා
සැරසෙනවා
ඔබ සැරසෙනවා....
දියත මොහොතකට
නතරවෙලා වග
මොළය හදවතට පවසනවා......
රතට හැරුනු වත
සුසුම සමග බර
ළමැද කපොල්ලේ සැඟවෙනවා.....
නරඹනවා
මම නරඹනවා
සැරසෙනවා
ඔබ සැරසෙනවා....
ඉපිද මියෙන ලොව
සොඳුරු වෙසෙසකට....
අපිට අපිව අමතක වෙනවා....
මැවෙන මැකෙන දුක
සමග සතුට ගෙන
තුරුළු කරන් හිත සැතපෙනවා....
නරඹනවා
මම නරඹනවා
සැරසෙනවා
ඔබ සැරසෙනවා....
3 comments:
ඉතාම රසවත්...
පිස්සු හැදෙනවා.....
කොහොමද අප්ප මෙහෙම ලියන්නෙ......:)
මැවෙන මැවෙන දුක
සමඟ සතුට ගෙන
තුරුළු කරන් සිත සැතපෙනවා
මරු
Post a Comment