ඈ හින වට
බැඳි මුතු පොට.....
බර වැඩිවුනු
සුබ පුවතට.....
නෙත ගඟුළකි...
හද පියුමකි.....
මුළු ලොව
පුන් මල් යහනෙකි......
දුක සතුටකි..
කඳුල සැපකි.....
බර අදහස්
තටුලන සෙකි....
සිතක සිතකි....
ගහෙන ළැමෙහි...
සිනා සලන...
කැකුළු රුවකි....
හද බිතු මත
මල් ලියලති....
රළු අහසේ
තරු නැලවෙති.....
නෙතු අද්දර
සිහින වැලකි....
ආදරයට
නව අරුතකි...
2 comments:
ෂා....ලස්සන අනුප්‍රාසයක්....
බිඟු කැරකෙති
සිහින බෙදති
කැකුළ සරා
සුවඳ සොයති
තටු රඟදෙති
රොන් විසිරෙති
දුක සතුටකි
කඳුල සැපකි.......
Post a Comment