පාට පාට මල්
වට රැඳි
ලීන හීනි වැල්...
මත වැද....
හතිහලනා....
නාකි බඹරෙකි මං....
කට මැත දොඩනා....
මූසිකයෙකි මං...
වියපත් උයන් පෙතක...
තනිකඩ මලින් ගහන...
බඹරෙක් ඇස නොගැටුනු...
නිකැළැල් කඩුපුල් සොයනා.....
තනිවම හඬනා...
බිළිඳෙකි මං....
නිල්වන් දැහැනේ....
සිරකරුවෙකි මං...
නිරුදක කතරක් මැද....
ඊතණපත් වදුළක..
හිරු මුවඟින් සැඟවුනු....
පිවිතුරු පිණි දිය සොයනා...
තනිවම හඬනා....
බිළිඳෙකි මං....
කඳුළලි සයුරේ...
සේලරුවෙකි මං....
3 comments:
පිපිණු මලින් රොන් ගත්තද
නැඹුල් මල් ඉඹුල් කලද
වියපත් හඳ සනසන්නට
නෑඹුල් උන මල් සොයමින්
තනිව හඩන මං
මල් උයනක
තනිව හඩන මං
අපූරැයි
අපූරැයි
Post a Comment