Saturday, June 20, 2015

කල්පනාව


හඳ වැටිල වතුරට
කැළතිලා
සැඩ පහරට....
විසිරෙනා එළියට
නොලියවුනු කවි
මැවෙයි හිත යට.....
ඉඟිමරා අඳුරට....
සැරිසරන
මුදු මඳනල...
උණුහුමට සැඟවෙන
කියඹුවැල් ඇගෙ
සොයයි රහසින....
දෑඟිලින් සිරකොට....
තබා ගන්නට සදහට...
පෙරුම් පිරුවට
මගෙ හිත.....
අමුණු මොකටද
ගලන ගඟකට......

2 comments:

තිස්ස දොඩන්ගොඩ said...

ඔය කිව්වට අර බිත්තියෙ වහපු සමණළයව රාමු කලේ?

Unknown said...

අමුණු බැඳ ගලන ගඟ හරවා තම කෙත් වතු
සරුසාර කර ගනිති ගොවියෝ..
වැවකට හරවා ගතොත්,
දිය පොදක් නැති නියඟෙට
වටී යහමින්...