Thursday, December 3, 2015

ආමන්ත්‍රණය


අමනකම
උඹයි මගෙ
දෙවැනි නම....
බමණ මත
මකයි හිත
නිවට කම.....
පරණ මම...
අකමැතියි දකින්නට...
ආයෙමත්
වසන්තය….
නවමු පෙම......
කියයි මට හැරෙන්නට...
නිහඬවම
අවනතව
නෙතින් නෙත….
ගෙරවුමට
වඩා සැර මදහසට
හිස නමා
හැඟුම්බර…..
විසෙන් විස
නසන්නට අරඳින
අතීතය
වරින් වර.....
මතකයේ
අඳුරු මුළු
සොය සොයා…
කළඹවයි
අනන්තය......

No comments: