Sunday, January 28, 2024

තථ්‍යතාව

 


කඳු පිට කඳු නගිමි....
රළ පිට රළ බිඳිමි....
හීන වල  තනිවෙමින්....
සුරාන්තවල දිග මනිමි....
මොහාන්ධකාරයට...
අඳුරෙ හිඳ ගල් ගසමි.....
හිස මුඩු ශ්‍රමණයින්ට...
ඊරිසියා කරමි...
බැඳීමවල රහ බලමි...
අනවරතව සිත බඳිමි......
ගතේ අශාවට වැට බැඳ..
සිත ලිහා මුදා හරිමි.....

No comments: