Sunday, July 4, 2010

බම්බුව......


දියමන්තියක
හැබෑ වටිනාකම මොකක්ද?
ඒක හැදිලා තියෙන සංඝටකද?
ඒක ගැන අපෙ හිත්වල
ඇති කෙරලා තියෙන ආකල්පයද?
ඒකෙ සුන්දරත්වයද?
දැඩි බවද?
දුර්ලභත්වයද?
නැත්නම් මොන බම්බුවක්ද?

ජීවිතයක
හැබෑ වටිනාකම මොකක්ද?
ශරීරය හැදිලා තියෙන
ලේ මස් වලද?
ඒක අපෙ හිත්වල
ඇති කෙරලා තියෙන මායාවද?
ආශවද?
වේදනාවද?......
නැත්නම් දිවි ඇති තෙක් අප හඹා යන අසම්පූර්ණත්වයද?
නැත්නම් මොන බම්බුවක්ද?

ආදරයක
හැබෑ වටිනාකම මොකක්ද?
ඒකෙ තියෙන
අයිතිය පිළිබඳ ප්‍රාථමික අසහනයද?
තනිකමට ඇති භීතියද?
එක අපේ හිත්වල
ඇති කෙරලා තියෙන
කෘත්‍රිම සුන්දරත්වයද?
කැපකිරීම මුවාවෙන්
සැනසීම සෙවීමද?
වේදනාවද?......
රාගයද?
නැත්නම් මොන බම්බුවක්ද?

කඳුලු බිඳුවක
හැබෑ වටිනාකම මොකක්ද?
ඒක දියවෙලා තියෙන
අපේ මනස් පථයෙන් ඔබ්බේ
තියෙන සිතුවිලි ප්‍රමාණයද?
ඒකට හේතුභූත වුනු කාරණාවද?
ඒක අපිට ඇතිකරන වේදනාවද?
ඒක දරාන උන් කාලසීමාවද?
සංසිඳුවා ගත නොහුනු......
අසීමිත ආශාවන්ද?......
නැත්නම් මොන බම්බුවක්ද?

12 comments:

චමිදේවා said...

අනේ මන්දා....ඔය ඔක්කොම නේද....

Dil said...

බලාගෙන යනකොට හැම දේකම තේරුමක් නෑ වගේ..

Anonymous said...

ඒක
මොකද්ද කියලා
හොයා ගන්නකම්
ඉන්න ටිකක්
සොයාගත් දාට
කියන්නම්..!

සසීන්ද්‍ර වීරසිංහ said...

මොන බම්බුවක්ද මේ x-(

පිස්සා පලාමල්ල said...

අනේ මන්ද කියන්න තමා වෙන්නෙ

dinesh said...

කිසිම දෙයක තේරුමක් නෑ වගේ.ඔක්කොම හිස්නෙ..

Shadow/හේමලයා said...

ඇත්තට හොඳට බැලුවොත් සියල්ලක්ම හිස් නොවන්නේද?.....

සියල්ලන්ටම තුති ප්‍රතිචාර හා අදහස් වලට.......:D

ඉලංදාරියා said...

අකුරු වචනවෙලා...
වචන වැකි වෙලා....

ලෙහා ගන්න බැරුව...
දගලනකොට...

ජිවිතෙ කියලා හිතගෙන
බදාගත හැමදෙම....

ඔබේ අකුරු ඇවිත් අද ...
බොරුකලා.....

Shadow/හේමලයා said...

@ ඉලංදාරියා

ලස්සන පිළිතුරක්....ස්තුතියි අදහස් වලට...ඔබට ජය......:D

අනේ මන්දා..?? said...

අනේ මන්ද

Shadow/හේමලයා said...

අනේ මන්දා කියලා බේරෙන්නට බෑ නොවෙද...අනේ මන්දෝ....බොහොමත්ම ස්තුතියි මගේ පද අතර සැරිසරා සටහන් තැබුවාට....:D

අනේ මන්දා..?? said...

කීවේ මම අනේ මන්දා
කියවා සිතුවිලි සිරවු හින්දා
එන්නේ නෑ අදහසක් ඒ හින්දා
අනේ මොන බම්බුවක්ද මන්දා

:D