Saturday, July 17, 2010

ආදරණීය රහස.....


කියාගන්න බෑ
නුඹ හට.....
සිතේ.....
තියෙන සෙනෙහෙ තරම....
හිතාගන්නවත් බෑ මට....
නුඹට මහද....
බැඳුනු අරුම..........

පවසමි නුඹ හට
රහසක්....
මසිත රැඳී ආදරයක්....
සිතාවිදෝ
නුඹ අහිතක්...
මසිතේ සැඟවේ
සැකයක්...

සිත තුල සෙනෙහස
උතුරයි....
මුව අග
පෙම්බස් ගොළුවෙයි...
දෙනෙත නුඹේ රුව
හඳුනයි...
සතුට පිරී
සිත ඉපිලෙයි.....

21 comments:

ඉලංදාරියා said...

ලස්සන සිතුවිල්ලක්.....
මල්සරා බැල්ලම් අහෙලා මග හිතට කොදුරනවා

malithi said...

lassanayi! :)

සෝරෝ said...

උතුරන සෙනෙහස, හදතුල
පවසන්නට ඔබවෙත, හනික
නොහැකිව ගෙවුනත්, මෙලෙස
ආදරෙයි එදාටත් වඩා මා, ඔබට

[ලස්සනයි සහෝ..]

Anonymous said...

පුදුමයි ඔබ නොකියෙව්වේද මගේ සිත..
නැතිමුත්, කියවලත් සිටීද නොතේරෙන ලෙස..
අනේ මන්දා හරි පුදුමයි නුඹේ සිත...
මගේ ලඟම තිබුණාවේ මේ රහස..

හරිම ලස්සන අදහසක්...

සශී..

දිල් said...

හරිම ලස්සන සිතිවිල්ලක්....

වැප් said...

ලස්සනයි යාලුවා

Teena said...

අහිතක් මා සිතාවි යැයි
නුඹ ගොළුවී ඉන්න එපා
මගේ සවන් වෙහෙසෙන තුරු
නිහඬව ඔබ ඉන්න එපා...

ලස්සන පද වැල් පෙළක්..

ගල්මල්-Coral said...

ලස්සන අදහසක්

Jay said...

ලස්සන සිතුවිල්ලක්.....

Shadow/හේමලයා said...

@ ඉලංදාරියා
මල්සරා තමයි විත්තිකරු මචෝ...බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට..:)...

@ malithi
බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට..:)..

@ දිල් ...
ThnQ 4 ur comment yaar.....;).

@ ගල්මල්-Coral....
ThanQ වෙවා commenටුවට...:)..

@ Ansh Lucky Sri Jay
බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට..:).

@ වැප්
තැන් කූ තැන් කූ මචෝ......:)

Shadow/හේමලයා said...

@ සෝරෝ....
මේක ගොඩක් ඉස්සර ලියපු පද පෙළක්.....ඔයාගේ කවිය දැක්ක ගමන් මේක ආයෙත් මතකෙට ආවා......බොහොමත්ම ස්තුතියි පද පෙලට හා මගේ මතකය අවදි කලාට......:)

@ සශී....
ගොඩාක් තුති ඔයාගේ අදහස් හා ප්‍රතිචාර වලටයි...නිතර ඇවිත් ගුණදොස් දක්වනවාටයි.......:D

@ ෆා ද බ්ලොගී
ඔහොම කිව්වට කව්ද දන්නේ අනේ....:)...තරාදිය දෙපැත්තේ මිතුරුකමයි...ආදරයයි තියෙන වෙලාවට...හිත හැම වෙලාවෙම එලිපත්ත උඩ නෙව තියෙන්නේ.....බොහොමත්ම ස්තුතියි අදහස් සහ ප්‍රතිචාර වලට......:D

Anonymous said...

අරුම පුදුම දෙයක් නෙවේ
කම්බුලේ අත තියන් මොකද
ඕවා ඔහොම තමයි ලමයි
පුදුම වෙන්න එපා ඊට :D

පින්තූරේ දැක්කාම වෙන මොනුත්ම හිතුනේ නෑ අනේ අනිච්චන් කියලයි හිතුනේ :-))))

Amila, "සියපත් විල" said...

සඟවාගෙන හිත රහසක්
සිටිනූ බෑ මහත් කලක්
කැස්සක් සේ එය කාටත්
ඉඟවනු බෑ කිසි කලකත්

Shadow/හේමලයා said...

@ nimanthi
අනේ අන්නිච්චේ තමා අනේ...බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට....:)......

@ Amila, "සියපත් විල"
ඇත්ත ..හැංගි හොරා වෙස් බැන්ඳට නටන්න වෙන්නෙ එලියෙ නෙව....බොහොමත්ම ස්තුතියි අදහස් හා ප්‍රතිචාරයට.....:)

තක්ෂිල said...

ලස්සනයි ඇත්තටම
හිත ගියා මරුවට
තව තවත් ලස්සනට
ලියන්නට සුබ පතමි.

``` Outsider``` said...

අදහස හරිම ලස්සනයි. අපූරුයි.

Anonymous said...

ලස්සනයි... සතුටුයි ...

Anonymous said...

ලස්සනයි... සතුටුයි ...

Shadow/හේමලයා said...

@ wath & ``` Outsider```
බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට....:)...

@ තක්ෂිල .....
බොහොමත්ම ස්තුතියි පද ටිකට..:)...

ayesha said...

දවස් 2කින්ම එන්න බැරිඋනා ඔයාගේ කවි බලන්න.අදයි ඔන්න බැලුවේ. හුගාක් ලස්සනයි ඔක්කොම කවි

Shadow/හේමලයා said...

@ ayesha
බොහොමත්ම ස්තුතියි අදහස් හා ප්‍රතිචාරවලට...ඒ වාගෙම නිතර ඇවිත් යනවට.....:)..