Friday, July 30, 2010

ලකී Seven.....


හරියටම 7වෙනි මාසෙ 7වෙනිදා.....
උදේ 7තේ සිට හවස 7 දක්වා
7තේ 7ම වැදී හිටි මම....
7 පසුවී මිනිත්තු 7යි...
තත්පර 7කට පසු....
නැග්ග 177 බස් එක..
හැම 7ත් පොළකම නවත්තාපු හන්ඳ...
මාතලීට පතන්නා වූ දිශාවකින් හෙණ 7ම
වදීවා යැයි.....
උගේ 7ත් මුතු පරම්පරාවටම ආශීර්වාදකරලා......
වාසනාවන්ත 7තේ ඉල්ලක්කම...
7ත් පාරක්ම ඇති..
Seveන ටිකට් 7ක්ම හීරූ නමුත්...
7වෙනියට ගත් ටිකට් එකට විතරක්.....
රුපියල් 77යි සත 77ක්....
වැටුනු හන්ඳා.....
7ත් පොළක ගාගෙන....
7ත් වාසි ගසා පැරදුනු බූරුවෙකු ලෙස....
7ත් වළාමෙ වෙච්චිදේට 
මක්කොරන්නදැයි කියලා.......
මිනිත්තු 7ක් තියෙද්දි නමයට
සැපත් වුනා ගෙදෙට්ට....
හීන  7ක් බලාන වැටෙන්න කියල ඇඳට.....

16 comments:

හෙළයා said...

හත් ඉලව්වට ගහපු කලාබර හත දැක
ක්ලික් හතකින් මේ අඩවිය...
ලකී හත දැක මේ සටහන දමන්නේ,
වදන් හතකින් නම් නෙවෙයි....


මැක්සා මචං

වැප් said...

හත් වලාමේ ......
මේ රැ හතට කිට්ටු කරලා
හත්මුතු පරම්පරවේවත් අහලවත් දැකලාවත් නැති
හත්ඉලව්වක්ද හත් දෙයියනේ මේ දාලාතියෙන්නේ :D

Lakshan said...

මල් හතයි

Anonymous said...

හතේ හත වැදී
හතේ ට සතේ නැති වී
හතේ කොළ සිහිවී
හතේ කණිසම වැරදි ඇහැරී

හතේ පන්තියෙ හිටිය
හතේ කණුවේ ගෙදර
අතේ දුර ඉන්න
හතේ හත නැති පුංචි කෙල්ල

හත ගොඩක් දුර ගිය
හත ර අත හත අරන් ගිය
හතර හත හදුනන
අපේ හෙවනැලි ලියපු හත අට

ඔස්කා said...

ලොල්.. එලකිරි බ්‍රෝ

Kawshala Technologies said...

හත්වළාමේ ​කෙලවුනේ 177 නිසා.....
එතන 1 තියෙනවානෙ....
Anyway Very nice thought....

තක්ෂිල said...

මගේ හිතටත් 7තේ 7ට වැදුනා

හසී said...

හතේ හතම වැදිලා වගේ.. හික්ස්.. නියමයි සහෝ

Unknown said...

හත්දෙයියනේ හතේ ඒවා ගොඩායි.....මේක නම් අහල ගම් හතට ම කියන්න වටින දෙයක් නොවැ...
අපූරු නිර්මාණයක්..
නියමයි මිත්‍රයා...
ජයවේවා!!!

ayesha said...

මල්............7 ....යි.

Naදී said...

හත අඹරලා තිතට හදපු හත් මාලුවක් වගේ. ලකුණු 7න් 7යි.

Nimesh said...

Nice post. After this whenever someone use 7 related slang this will come to my mind

පිස්සා පලාමල්ල said...

හත් ඉලව්වට ගහපු හතේ කොලේ කිව්වලු.... මේක එලකිරි බෝතල් 7ක් බිව්ව වගේ වදිනවා.

Shadow/හේමලයා said...

@ හෙළයා
හත්වළාමේ.....බොහොමත්ම ස්තුතියි අදහස් හා ප්‍රතිචාර වලට......:D

@ වැප්
Thnx 4 the comments macho......:D

@ SOLO
බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරyට...:D

@ ඔස්කා
thnx a lot bro....:D

@ Kawshala
එතන තමා පොඩි පරහකට හිටියේ...ස්තුතියි ප්‍රතිචාරයට....:)

@ තක්ෂිල
thanQ macho....:D

@ හසී
හෙන හතම වැදිලා හෙන අවුල අනේ...thnx..:D

@ ayesha
තැන් කූ තැන් කූ ප්‍රතිචාරයට.......:D

@ Naදී
ඇඹරුවා වාගෙ නෙවෙයි දිරවා ගන්න නෙව අමාරු...ThanQ....:D

Shadow/හේමලයා said...

@ wath
7ත්දින්නක් තරු පස්සෙන් කෙල හලාගෙන යන ඔරායන්ට දෙමුද 7ත් මුහුදෙන් එහාට විසිවෙන්න Seveන් සමුරායි ලා දම්මලා..:D...

@ sampathjt
thnx a lot macho....:D

@ Nimesh Suranga (නිමේෂ් සුරංග)
thanQ 4 the commetn macho....:D

@ පිස්සා පලාමල්ල
බෝතල් 7ක් 7-Up වලින් සැන්ඩිකොරලා ශොට් 7කට ගැහුවත් මදි...බොහොමත්ම ස්තුතියි.:)..

අනේ මන්දා..?? said...

කියවපු ගමන් 7
මතක් උනේ ජුලි 7 මට
මවපු සිහින 177 සිට
බොද උනේ 7ඉල්වුවේ එදා මට.. :(

මල් හතයි යාළු.. :)