"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Sunday, July 18, 2010
අවලස්සන...
තිරෙන් එපිට......
දුක දිහා බලන...
කියවන...
රස විඳින....
විඳවන.....
අපි අපිම....
දුක හන්ඳාම
අඬන...
දොඩන...
ලියන...
කෑගහන......
අපි අපිම...........
තිරෙන් මෙපිට දැක්කම
හැබෑ දුක...
නෙත් කෙවෙනියක
ජීවත්වෙන.....
අහක බලන්නේ......
දුක දරාගන්න බැරි හන්ඳාද?
"The girl in the picture is Omayra Sanchez who was a 13-year-old victim of the 1985 eruption of the Nevado del Ruizvolcano, which erupted on November 13, 1985, in Armero, Colombia causing massive laharswhich killed nearly 25,000. Trapped for 3 days in water, concrete, and other debris before she died, Omayra captured the attention of the media as volunteer workers told of a girl they were unable to save".....
Subscribe to:
Post Comments (Atom)
13 comments:
බොහෝමත් අනුවේදනීයයි කතිකාව, වෙන යමක් ලියන්න බැරිය
ගල්මල්-Coral හා එකඟ වෙමි.
ගල්මල්-Coral හා Ansh Lucky Sri Jay ඔබේ ප්‍රකාශය තහවුරු කර ඇත
වෙලාවකට හිතෙනවා උරුමය හෙවත් කරුමය කියන්නේ මේකද කියලත් .....
තිරෙන් එපිට පෙනෙන ලොව
තිරෙන් මෙපිට හැබෑ දුක
නොපෙන්වයි නිතරම
අනුවේදනීය කතාවක ...ඇතුල් පැත්ත.
උඹ හරි...
උඹ හරියි කියල හිතන අපිත් හරි
අන්තිමට
කවුද මචං වැරදි....
තරහ වෙන්න එපා මෙහෙම කමෙන්ට් එකක් දැම්මට.
අපි හැමෝම ගස්ලබු කොල ඩෙංගු ප්‍රතිකාරය ගැන අපේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාමුද ? මේක පුළුවන්තරම් ප්‍රසිද්ද කරමු. ජීවිත කීයක් මේකෙන් බේර ගන්න පුළුවන් වෙයිද ? ඔක්කොම බ්ලොග් යාළුවන්ටත් කියමුද මෙහෙම කරන්න කියලා ?
හ්ම්ම්ම්ම්
කඳුළු නෙත හංගාන
සිතින් හඬනා විටෙක
නොපෙනේය එදුක් සිත
කාටවත් කොහොමවත්...
ඇත්තටම මේ දරුවා දවස් 3 විතර මෙහෙම වතුරේ ඉඳලා...කකුල් දෙක සුන්බුන් අස්සේ හිර වෙලා.....අත් දෙක ඔය ලීයට ගැට ගහලා තමා තියාගෙන තියෙන්නේ....වටෙ සුව සේවකයන් උන්නත් සුන්බුන් අයින් කෙරන්න උපකරන නැති නිසා දවස් ගානකට පස්සෙයි ගොඩට අරන් තියෙන්නේ....ඒත් ඒවෙන කොට ඒයාගේ ශරීරය ගැන්ග්රීන තත්වයට පත්වෙලා .....
බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වූ සියලන්ටම....:)...
සසල වීමි මේ දැක... දින කිහිපයක් යනතුරු මේ මුහුණ අමතක කරන්නට ලේසි නැත :(
@ ජීවිතේමල්
මට මුලින්ම පින්තූරය ඇස් ගැටුනා....පොඩ්ඩක් කතාව සෝදිසි කලාම තමා හදවතට වැදුනේ.....ඒ ඇස් දෙකෙන් කියවෙන දේ...හිතාගන්න ඇහැකි නම්..she died in the same position.only her body was recovered after 3 days.....:(..
Post a Comment