"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Friday, July 2, 2010
නැවතිලා බලාපන්.....
දෙමුද ඉඩ පොඩිත්තක්
හිඳ ගන්න සාමයට.....
දමා වෛවර්ණ කන්නාඩි
කුණු කූඩයට....
අහවර කොරමුද දැන්වත්
උපන් ගෙයි පාරට්ටුව....
ලෙහා දමමුද අතීතය නම්
පූජනීය අං තට්ටුව...........
බෙදා වෙන්කරන්නට
තරම් වටිනවද මමත්වය.......
කියාපන් බලන්නට
නිදසට කාරනා සමුච්චය......
එකට එක?
නම් දෙකට දෙකද?
ඇසට ඇසක් ගත් පලියට
අන්ධයාට පේනවාද.......
ලෙයට ලෙයක් ගත් පලියට
හදවත් පණ ලබනවාද....
බිමෙහි ඉඩක් ගත් පලියට
නුඹට හෙටක් තියෙනවාද.......
ඊයේ කොලත් හෙට නොකලත්
අද අතපසු කොරනවාද?
කැගැහුවට පොඩි කූඹි
අපිට උන්ව ඇහෙනවාද.......
ඇහුනෙ නෑ කියා උන්
කෑ නොගසා ඉන්නවාද?........
ඒක හන්දාම එවුන්
ගොලුය නුඹ හිතනවද?
මහ මුහුදේ නිල්පැහය
ජලයේ නුඹ දකිනවද......
අද මෙතැන හෙට අතැන
හැමදාම එකමතැන......
උන්නත් මළත් කොහොම
ඉතිහාසයට වැඩක් නැත.......
අමතකයි අතීතෙට
අන්ධයි අනාගතය.......
උරුම වෙන්නේ අපට
ගිනිගත් වර්තමානය.....
අපි සැනසීමට ලං වෙලාද?
මරණය අමතක වෙලාද?
නැත්නම් මරණිය ජීවිත
අමරණිය සිහින තුල හිර වෙලාද?
මේවාට පිලිතුරක් ඇත්තේ
නුඹෙ හදවතේ......
බලාපන් නැවතිලා.....
හමුවේවි කාරණේ.....
Subscribe to:
Post Comments (Atom)
12 comments:
බලා ඉමි නැවතිලා
කාලයත් ගතවෙලා
සැනසීම අත දුරයි
නමුත් අප අන්ධයි
පොඩි ඉඩක් දීලා ඉමු
ඔළුව නිදහස් වෙන්න
නිදහසට කාරණා
නොමැත මට ස්වාමිනී..!!
මම මේ කල්පනා කොලේ මේ දවස්වල වැටෙන හැම පෝස්ට් එකේම බොහෝ විට පළවෙනි කොමෙන්ටුව නැත්නම් උඩම 5 දෙනා අතර හේමලයා ඇති. ඒ අතරතුරේ මේ වගේ ඉතාමත් අර්ථාන්විත කවි පළ කරනවා. ඇත්තටම හේමලයා වැඩ කරන්නේ බ්ලොග් ලියනවාට පඩි ගෙවන තැනකද ඈ????????
හහ් හා ..:D
ඒ කොහොම උනත් හේමලයෝ ..
මේ විදියට ලියන එක හා මේ ලියන විදිය ටික දවසකින් නතර කරන්න නම් හදන්න එපා...ඔන්න...
ඔබ් බොහෝමත්ම සාර්ථකයි...
සුභ පැතුම්...!!!!
අනේ හැබෑමයි නිමන්ති හරි. අහිතකින් නොවෙයි උඩ කොමෙන්ටුව දැම්මේ. හරිම අස්වැසිල්ලකින් මේ බ්ලොග් එක කියවන්නේ. නවත්වන්න නම් එපා රජෝ !!!!!!!
ඇත්තටම රන්දිල් හරි....
මම හිතන්නේ.. ඒකට හේතුව තමයි ..මේ දේවල් මේ විදියටම කියන්න අපිට උවමනාවක් තිබුනත් අපිට ඒකට ඇති නොහැකියාව..
මම මේ කවි දැකපු පලවෙනි දවසෙම මටත් ලොකු වෙනසක් දැනුනා..!!
රන්දිල්ගේ වචනවලින්ම කිව්වොත්..නවත්වන්න නම් එපා රජෝ !!!
මයියා ට කවි ලියන්න තේරෙන්නේ නැත. නමුත් කවිය ක් විදීමට මයියාට එය බාධාවක් නොවේය..
'දමා වෛවර්ණ කන්නාඩි
කුණු කූඩයට....
අහවර කොරමුද දැන්වත්
උපන් ගෙයි පාරට්ටුව....
ලෙහා දමමුද අතීතය නම්
පූජනීය අං තට්ටුව...........'
අතිතය අපට උගන්වන්නේ වර්ථමානයේ ජීවත් වෙන්නටය. ඒ හින්දා ඉතිහාසයට මයියා කැමතිය.
ජාතීන් අතර විවිධත්වයට ද මයියා කැමතිය.ඒ අනේකාගේ ජාතිකත්වයට ගරු කරන්න ඉගෙනගන්නවා නම් මයියා ඊට වඩා කැමතිය.
සමාජය සිරස්කඩ හරහට කපා සොයගත් ඇත්ත.....
දිගටම ලියන්න........
අපිට ජිවිතය විදින්න...
ජය හා සතුට..
සියලන්ටම ස්තුතියි අදහස් වලට......:D
Stop..... for a moment......
Just one tiny moment......
Turn and look back at the road trodden,
What do you see?
Are those red flowers waving in whispering wind?
Or
Blood stains of departed brethren?
Are those dew drops twinkling in morning sun?
Or
Tears of Countless innocent men?
women and children?
Have we changed?
Have we really changed at all from those starting the trek long ago?
Time is running out, definitely time is running out,
Only a fistful of sand left in the hourglass,
Tomorrow, may be too late,
No,
Tomorrow is undoubtedly too late,
@ Ravi.....
nice work mate...Really enjoyed it..thanx a lot 4 sharing.......:D..
නුඹේ මේ සිතිවිලි
ලග මම අතරමO වී
සිතුවේ දෙවරක් නෑවතී
නොදෑනීම මම මOමුලාවී
@ අනේ මන්දා..??
මංමුලාවෙලා නෙවද අපි හැම මේ ජීවන මාවතේ...මග නොදැන..
Thnx 4 the comments yaar...:D.
Post a Comment