ආකාසෙ පායනා
එකම තරු රටාවක
නිදහසේ හිරවෙච්චි....
තරු දෙකක් අපි....
ලෝකයම දකින...
ලංව ඇති එකිනෙකාට...
සදාකාලිකව....
ඒ වුනත් හැබෑවටම
එහෙමද අපි ?.....
ඈතින් ඉඳගෙන...
ආලෝක වර්ෂ දහස් ගනනක්.....
රවටන්නෙමු අපි
මුළු ලෝකයක්......
තව කොයිතරම් නම් කල්...
රඟන්නද මේ නළුව....
රෑ අහසේ කළුවරට
මුවාවෙලා තනි තනිව....
11 comments:
කණගාටුදායක අත්දැකීමක් !! එකට වගේ රඟන්න වෙන එක, ඇත්ත එහෙම නොවෙද්දි.. ඇයි එහෙම වෙන්නෙ හරි, ඇයි එහෙම උනේ කියල හරි හොයල බැලුවොත් නරකද?
ආකාසේ ඈත් උනත්
අපි අපි ලග නෑ කියලා දැනුනත්
ලෝකයාට අපි ගැලපෙනවා වගේ
එයාලා හිතන්නෙ අපි අපේ කියලා
අපි ආදරෙන් කියලා
එයාලා හරි ඇති
ඒත්......
අපි අපේද?
කඩතුරාවෙන් මිදී
යා නොහැකියෙන් දුරක
රැඳී ඉන්නෙමි මෙහෙම
රැවටුනත් කොතරම්ම....
සමහරුන්ගේ විවාහ දිවියත් මේ වගේ නේද කියල මට හිතුන.. ලස්සන සිතුවිල්ලක් ...
ලෝකයක් රවටන්නට..
එකට ජීවත් වෙලා...
සිතින් අපි දෙතැනක..
තනි තනිව වෙන්වෙලා...
අපූරු නිර්මාණයක් සහෝ...
ලංවෙන හැමදෙයක්ම තියෙන්නේ ඇත්තටම ලංවෙලානෙමෙයි,අල්ලන් තියා දකින්නවත් බැරි ගානටයි
අදහස කදිමයි !
මුලු ලෝකෙම රැවටුවත් තමන්ගේ හිත රවට්ට ගන්න බෑ නේද? අන්තිමට ඉතිරිවෙන්නේ හිස් බවක්.
සිතුවිල්ල අපූරුයි.
අන්තිමට ඉතිරි වෙන්නේ රැවටීමේ දුක විතරයි
හිටියත් එකට ලංවී පෙනෙනා ලෙස ලොවට..
ඉන්නේ තැන් දෙකක කිසිදා හමු නොවන...
ඇත්ත තමයි.
අපි කැමති අය අපිට ලැබෙන්නෙ නැහ බන්.
Post a Comment