"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Saturday, June 26, 2010
හෘදයවස්තුවේ අන්තිම කැමති පත්තරය....
එක මොහොතකට
දැනුනත්………
ජීවිත කාලයක්ම
හැඟුනත්…………
කල්ප කාලන්තරයක්
පෙරුම් පිරුවත්
ආදරේ ආදරේමයි........
සුන්දරයි...අසුන්දරයි....
මිහිරියි..අමිහිරියි.....
කොටින්ම කීවොත්
හැමෝටම අවශ්‍යයි....
නිර්වචන අනවශ්‍යයි....
බැඳීමයි ආදරයයි.....
එකක් නොවේ.......
ආදරය කොන්දේසි
විරහිත නමුත්
බැඳීම් එසේ නොවේ.....
නමුත් එය නිදහසට
කාරණවක් හෝ.....
සධාරණීකරනයක් ද නොවෙයි......
යථාර්තවාදී නොවන
හිතළුවක්ද නොවෙයි......
සතුට සැනසුම කරා දිවෙන
සිතියමක්ද නොවෙයි........
විශ්වාසය මත රැඳුනු
දිවුරුමක්ද නොවෙයි......
අපි ඇත්තටම පතන්නේ
සැබෑ ආදරය නම්....
එය බැඳීමක් කොට ගෙන
උපන්ගෙයිම මරාදමන්නේ ඇයි?.....
සමාජ සම්මතය යන
අග්නිජාලයෙන් මදක් ඉවත්ට වී
ගිනිකන වැටුනු දෑස් මුද ගෙන....
එකම එක වතාවක්
ලෝකය දෙස බලන්න....
ආදරය...ආශාව...
යුතුකම්...වගකීම්.....
මේ පැටලුනු නූල්බෝලයේ
කෙලවර කොතැනද?
ජීවිතය එතැනද?
නො එසේ නම් අන්තැනකද?
තීරණය ඔබගේය......
ආදරය අප සැමගේය.....
Subscribe to:
Post Comments (Atom)
2 comments:
ලස්සනයි..මහා ලොකු කතාවක් කියල තියෙන්නේ කෙටියෙන් ම..
ආදරය
කිසිවක් නොදකි නොබලයි
බැදීම
හැමදේම දකී පෙනෙයි
ඇත්තටම කඩතුරාවෙන් මිදී එළිය දුටුදාට.....අපට මහත්වූ නිදහසක් දැනෙනු ඇත....ඒත් ඒ කවදද?...ThanQ වේවා commenටුවට...:D..
Post a Comment