"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Tuesday, June 22, 2010
මගේ හැටි.....නෑ නෑ වැරදුනා....අපේ හැටි...
මම
මමය
මාගේය......
අපිද එසේමයැයි
සිතමු.......
එනම්
අපි
අපය.....
නමුත් අපගේය
කියා මගුලක් නැත......
එයද මගේමය....
අපේ යනු
ආත්මාර්ථය නම්වු
හෙළුව...
යන්තමට වසාගන්නා
පිළි කඩක් පමණි......
සාර්ථක නම්
එය මගේ වැඩකි.......
ලෙඩක් නම්
එය අපේය.......
ස්වර්ගයට
තනියම යාමට
පොරකෑවත්...
අපායට එසේ නොවේ....
එහිදී අප හැමවිටම
පරාර්ථකාමී වෙමු....
වලට යන්නේ නම්
ඒ තවත් එකෙකු ඇදගෙනය......
ඒ අපේ උපන් හැටිය....
උපතේ සිට
මැරෙන මොහොත දක්වා
මම හිතන්නේ
එකම දෙයකි.....
මම ගොඩ යන්නේ කෙසේද?
හැම සිතුවිල්ලකම උපදින්නේ.....
උත්තම පුරුෂ 'ම' යන්නෙනි....
නමුත් එය වදන් වලට
හැරෙද්දී...
පුදුමාකර ලෙස
පරිවර්තනය වේ....
මොකා මොන බයිලාව ගැසුවත්
අපෙ හැටි ඔන්න ඔහොමය.....
තිත්තය......
නමුත් ඇත්ත කවදත්
එහෙමය.....
Subscribe to:
Post Comments (Atom)
2 comments:
ආයෙ අළුතින් එකතු කරන්න දෙයක් නෑ නෙ.
i guess not..:D....ThanQ වේවා...commenටුවට....
Post a Comment