"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Wednesday, June 23, 2010
කාල යන්ත්‍රය.......
අතීතයෙන්
ඇවිදින් අමුත්තෙක්......
විමසනව අනාගතේට
යන පාර.....
මොනව කියල නම්
කියන්නද?
මම කිව්ව ගොහින්
වර්තමානයෙන්
අහන්න කියල.......
මිනිහ ගත් කටටම කියපි
“වර්තමානය දන්න
කෙංගෙඩියක් නෑ.....
මිනිහා අද
ඔය ඉන්න තැනට අවෙත්
මගෙං අහගෙන කියල”.....
බැලුවහම මිනිහ හරි.....
වර්තමානෙයෙ ඉන්න අපි
හිතන්නෙ එක තමයි
හැමදේම කියලා......
ඒ වුනාට හැබෑ ලොක්ක
තමයි කාලය....
ඒ වුනාට උදේ ඉඳන් රෑ වෙනකම්
Science Fiction ම
බලලා කුරුවල් වෙච්චි
මගෙ හිතට නම් සැටිස් නැහැ
මේකා අහනවා.....
ඔය තුනම කවලම් වුනොත්
මොනව වෙයිද කියල.....
මමත් ෆුල් හොල්මං....
ඔන්න එතකොටම වාගෙ
මොළෙන් සිග්නල් එකක් ආවා
"ලොක්ක ඕකට ටිකක් විතර පිස්සු...
ගනන්ගන්න එපා කියලා....
ඒකත් එහෙමද?....
කියපු මම අතීත මිත්‍රයාව
එලියට දමල දොර වැහුවා.....
දඩස් ගාල....
හැබැයි චූටි අවුලක්
නැතුවමත් නොවෙයි.....
කාටද පිස්සු හැබෑටම?
Subscribe to:
Post Comments (Atom)
2 comments:
අමුතුම ආකාරයේ සිතිවිල්ලක්..අනාගතයට යන පාර වර්ථමානයත් දන්නෙ නැත්තම්..ඔව්...එහෙම උනොත්...
කාලයට ඕනෙ දේද අපි කරන ඕනෙ....නැත්තම් කාලයෙන් අපි වැඩක් ගන්න ඕනෙද .....හිතන්න ඕනෙ දෙයක් නේද...
නියම වචන ටික...
හැබැයි පුළුවන්නම් මේ words verifications එක අයින් කරන්න. setting - comments settings වලින්. අදහස් දක්වන අයට ඒක පහසුවක් වේවි
ඔබට අපූරු හැකියාවක් තියෙනව...සිංහල වගේම ඉංග්‍රීසි කවිවලට....
දිගටම ලියන්න...මම එනවා කියවන්න...
ජය !
මට නම් හිතෙන්න කාලය ඔහෙ නැවතිලා බලාන ඉන්නවා......අපි වැස්සට ඉගිලෙන මෙරුවාගෙ ඇවිත් යනවා.......ThanQ වේවා comment වලට......i'll remove the verification...ජය.......
Post a Comment