"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Thursday, June 24, 2010
කල් බැලීම........
හිරු ගිලිහී පිබිදී....
දින දින ගතවී......
සිත කැළඹී විසිරී...
යලි නිසසල වී.....
අඳුරේ තනිවී...
මා නෙතු බොඳ වී....
සෙවනැලි බිතු මත
මුමුනයි දුක් ගී.......
තනිවී...
සිව් මානයක
සිත තනිවී....
ලෝකය දකිමී....
එක කව්ළුවක
සිත සිරවී....
කොයිබද දොරටුව...
නොදනිමි..
නොම දකිමී...
අඳුරේ සිහිනෙන්
ආලෝකය සොයමී....
දිවියේ පැතුමන්
දස අත විසිරී.....
මුළු ලොව හමුවේ...
සිත අසරණවී.....
සිත සැනසුම වෙත....
යාවෙන මාවත
විමසයි නිතරම...
හතිලන හදවත……
නිදහස.....
සියොතුන් විඳින
නිදහස......
සෙනෙහස....
සිතකින් ලබන
සෙනෙහස.....
බැළු බැළු අත රැඳි...
අඳුරේ ඡායා.....
පවසන හඟවන...
සැඟවුනු ආශා.....
දෙනුවන් අඹරේ....
පුර හඳ වියැකී....
සිතුවිලි සයුරේ....
රළ පෙළ කැලඹී....
පවසන අදහස...
මතුවන උදහස....
සඟවයි මුළු ලොව
සනසන මදහස...
Subscribe to:
Post Comments (Atom)
2 comments:
අපුරුයි හදවතෙ තිබෙන අසරණ කම අපුරුවට ගෙත්තම් කරනවා, ලස්සනයි.. ඇත්තටම.. මම අදයි ඔයාව දැක්කෙ..ලස්සනයි ඇත්තටම.. මෙය. ස්තුති. අපිත් එක්ක බෙදාගත්තට..
ThanQ වේවා commenටුවට....:D
Post a Comment