Thursday, June 17, 2010

අතීත සැමරුම....


මල් පැහැයට නෙතදී...
පිට ඔපයට රැවටී...
ගිනිකන වන්
මුව පොවුවකු සේ....
සිත ඔබ ලඟ දැවටී...
සිටි හැටි තවමත් මතකයි....
ආදරයෙන් අඳ වී...

තවමත් මම එකඟයි.....
ඔබෙ රූ සිරි තව එහෙමයි....
මතකය ඩිංගක් පරණයි.....
ඒ වුනාට
හිත තවමත් තරුණයි....
නුඹ ගැන තව විමසයි......
ඉඳහිට රෑ ජාමේ......

මම තාමත් මම මයි....
කාලය පමණක් පරණයි.......
සිතුවිලි තවමත් සුවඳයි...
රෑ වුනාට...
මගෙ ලොව තව එළියයි....
හිරු නැති බව ඇත්තයි....
මුත් සඳ දිලිසේ.....

No comments: