"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Wednesday, June 30, 2010
Antique නැටිල්ල සහ Modern නැටවිල්ල........
බිංකුන්ඩෝ....
බොල බිංකුන්ඩෝ....
මං කියනා දේ...
අහපන් ඩෝ....
තෝත් නටාපිය...
මාත් නටන්නම්
ඒවා Antique
කියමන් ඩෝ....
බිංකුන්ඩෝ...
බොල බිංකුන්ඩෝ...
මේවා අහගෙන
ඉඳපන්ඩෝ...
තෝම නටාපිය...
මම නටවන්නම්.......
ඒකයි Modern
Theoryය ඩෝ…..
බිංකුන්ඩෝ....
බොල බිංකුන්ඩෝ....
මං කියනා දේ...
අහපන් ඩෝ......
කියනා විදිහට
නටපන්කෝ.......
නිදහස උගසට
තියපන්කෝ......
උඹේම් හොඳටයි
මේව කොරන්නේ....
පොඩියක් හිමීට
ඉවසාපන්නේ.....
නටන්න විතරයි
උඹට තියෙන්නේ....
මගේ මනාපෙට
පදේ වැයෙන්නේ.......
Lilliputගේ සුවිසැරිය......
Bonsai කොරපු
තුරුසෙවනකට වෙලා.......
ඉඳිමු අපි
ලිලිපුට්ටො වගේ......
Pulsar එකක් වාගෙ
නිවි නිවී පත්තුවෙමු......
ඇහැක් පමණින් අඳුර
එක්කලත් ඔට්ටුවෙමු............
සංසාරෙ තියෙන තුරු
අපි ඔහේ කැරකැවෙමු.........
කන්නාඩි ඉවත ලා
දියත නිරුවත දකිමු.....
ආලයට අතපාල.......
වැලපීම අත් විඳිමු......
කාලයට ඉඩදීල
අපි අපේ ගමන යමු.....
ගලිවර්ලාට
මුළු ලෝකයම
බාර කොට.......
පාට් එක දාමු අපි
අහිංසක කූඹින්ට.......
උන්ගෙ උස ගැන අහල
කින්ඩියට හිනාවෙමු......
අපේ දොස් පාගමින්....
අනුන්ටම දෙහි කපමු......
දෑස හිමි වුන් අතර
එකැස් අඳ කණුන් වෙමු....
අන්ධයන් අතර
එක් ඇසක් ඇති රජුන් වෙමු.......
අහස අමතක කොරල
පොලොව දෙස නෙත් යොමමු......
ඇති දෙයට තුති පුදල......
නැති දෙයට ගතු කියමු.....
හීන පැණි රහ වුනත්
තිත්ත ඇත්තම විඳිමු.......
තේරුනේ නැතත්
අපි මරණයට හිස නමමු...
අමතකවූ මතකය
Tuesday, June 29, 2010
Funky Beat එකකට Yankee Doodle කියමුද?
සාමය හා ඉස්ලාමය.....
අතර පාවෙන අපේ ප්‍රාණය......
වැඩිම ලංසුවට වෙන්දේසි කරමුද
යැංකින්ට පිණිස ලාභය......
හැංගිලා Bin Laden
ගැහුවාට ඔටුවන්ට ලාඩම්......
ඕවා හොඳ පාඩම්.......
අනේ සාමය ඉතින් නාඬන්.....
අතීතය නිහඬයි......
නමුත් ගතයුත්ත බොහොමයි....
Cover-up නම් එමටයි........
ලොක්කො කවදත් ඔන්න ඔහොමයි.....
අද Che අනිච්චේ......
Allende ට උන්ඩේ..........
Cuba හන්දියේ.......
බලාපන් අද ඇත්තෙ G-Bay ….
Buffalo කැල්වරිය
නැතත් අද පොත් පත් වල.....
මුලු Africaවම......
අයිති වෙන්නේ නැද්ද ඒකට....
Oil Spill එක මිදුලේ
නිසයි හොරණෑ පිම්බේ.............
ගල්ෆ් යුද කාලේ....
කොරපු පච වැඩ මතක නෑනේ.......
ගැහුවට ඉරාකෙට
පොඩි ඇෆ්ගනිස්තනෙට......
බයයිනෙ ඉරානෙට........
ආයෙ ගහමුද වියට්නාමෙට.....
තෙල් ටිකක් හන්ඳා....
සාමයට වැට බන්ඳා.....
Saddam උල ඉන්දා.......
කියයි වැදි බණ අපිට අන්ඳා......
තම්බි ටික පන්නා.....
යුදෙවන් උසිගන්වා.......
කොරියාව පෙන්වා.........
කියයි පැටියෝ ඕක "හප්පා".......
පොඩි පොඩි ටුවන් කැන්ඳා......
යැංකි සිහිනය පෙන්වා.......
ගානකට අන්ඳා.......
ඔලුව අතගා ටොක්ක ඇන්නා.....
ආවට Obama...
වෙනස් වේ නම් මේවා........
මෝල්ගස් ලියලා......
පණ පලයං ලබන පෙරෙයිදා.......
සුන්දර රැවටීම....
හැමෝම කිවේ නම්
ආදරය.....
උණුවතුර බෝතලයක්
කියලා.....
ඒ වුනාට....
පස්සේ තමයි තේරුනේ
ඒකේ දලා තියෙන්නේ....
අයිස් වතුර කියලා...........
ඉස්සර
මට හිතුනේම
ආදරය.....
සරුංගලයක් කියලා......
ඒවුනාට ලං වෙලා
බලනකොට
ඒ ඇවිල්ල ජීවිතය….
ආදරේ තමයි නූල් පන්දුව........
මම හිතාගෙන
හිටියේම
ආදරය......
මහා සාගරක් කියලා.......
ඒ වුනාට
පස්සේ තමයි තේරුනේ
ඒක බාගෙට වේලිච්ච
පුංචි දිය කඩිත්තක්
විතරයි කියලා..........
දුරට නම්
පෙනුනේම
ආදරය
නැවතුමක් නැතුව දුවන
කෝච්චියක් වාගෙ.........
නැග්ගට පස්සෙ
තමයි දන්නේ
ඒක මැරිගො රවුමක් කියලා.......
අමූලික ආදරය.......
මගේ හිත මගේ ලඟ.....
උඹේ හිත උගේ ලඟ.....
ඇගේ හිත මගේ ලඟ......
උගේ හිත ඇගේ ලඟ.....
ආදරයෙක තුන්කොනක.....
මගේ හිත එක තැනක......
හිතේ දුක තව තැනක....
ලතැවෙනවා හීනයක......
ආදරය රාගයට.....
අතවනයි හෙමි හෙමිහිට......
ජීවිතය තාලයට........
හිසනමයි මධුවිතට.......
ආලයට නොමැති තැන...
හිමිව ඇත කාලයට.....
මගහලෙමි මගෙ හිත......
අනාරාධිත හීනයක.....
සෙනෙහස තවමත් ඉඳ හිට
ඉකිබිඳියි තනිවම......
මදහස මුව අග අවනතයි
ආශාවට........
හිත ලඟ දඟ කරන
සිතුවිලි එකමුතුව.........
දවා හලු කොට ඇතිවගයි.......
ආදර අවනඩුව.......
Monday, June 28, 2010
Note ආදරය........
මුළු දවල් වරුවම
ඔටු බංකුවේ
තනිකමට හේත්තුවෙලා
මොංගල් හීනවලට
මාට්ටු වෙලා.....
වර්තමානයට
නෝන්ඩි වෙලා
අනාගතයට
පින්සෙන්ඩු වෙවී
කාලයට අභියෝග
කොරාපු
මං.......
කාමරේටම වෙලා
අසම්පුර්ණ නෝට් ගොන්නකට
කොටු වෙලා
ලෝකෙම එපාවෙලා
චරිතයකට ආරූඪ වෙලා
තෙල් වඩියකින්
ප්‍රාණවත් වෙලා
පාන් වාටියකින් Season වෙලා
9.Thirty වෙද්දි
හීන වලට Good Night කියාපු
මං…..
අද Summer හට්
එකකට වෙලා....
පොඩ්ඩක් විතර
Decent වෙලා....
උඹෙ කට දිහා....
බලාගෙන...
කීකරු බළු පැටියෙක් වාගෙ...
හැම බම්බුවකටම
නගුට වනාගෙන...
බූරුවෙක් වාගෙ කල්මරන්නෙ
මං…..
ආදරේටද??????
මතකය...
තෙරපි තෙරපි
ඉන්න එපා
හදවත ඇතුලේ.......
ඉපිලි ඉපිලි
එන්න එපා
සිතුවිලි සයුරේ.......
සසැලි සසැලි
ඉකිබිඳිනා
කඳුලැලි හමුවේ....
එන්න ඇවිත්
අරන් යන්න
මතකය නුඹගේ......
නුඹේ සතුට
මට නොසතුට
වුනේ කවද ඉඳන්ද?
පරාදවුනෙ
මං විතරද?
මොකද්ද හරි වැරැද්ද?
අසුරු සැනින්
කිමද මියුරු ස්වරය
වුනේ බැරෑඬී ?...
හිනා මලේ පෙති
හැලුනද?
හිතේ දුකට වියෝ වී........
අඳුරු
මතක සේයාවක
දැවටුනු චෝදනාවන්.........
ඉවත හෙලයි
කඳුලු වතුර......
දියකර වේදනාවන්.......
තනිවෙන්නට.......
ආදරණීය හේමලයො….
මට ඩිංගක්
තනිවෙන්නට ඉඩ දීපන්.......
දුක් කරදර
සීරුවට අඩුක් කොරාපු
මේ ජීවිතය කියන
පරණ පෙට්ටගම…..
හිලව්වට තියාගෙන
මගෙ තනිකම
මට සින්නක්කරම ලියා දීපන්........
මතක අමතක කොරන්නට
මට කියා දීපන්......
හිතට අවනත නොවෙන්නට
මට දිරි දීපන්.......
හදවතට එකඟ වෙන්නට
මට ඉඩ දීපන්.....
ආලෝකයත් එක්ක
උඹ යන දිහාවක ගොහින්...
අන්ධකාරයට ඉඩදීපන්.....
රෙදි කපා මසා ඇඳ ගැනීම........
බලහන්කො අරූ මාව
ඇන්ඳුවානෙ........
මේක පට්ට Common
වචන Set එකකි.......
අපේ ජීවිත කාලය තුල අපි
එක එක ඇන්ඳිලිවලට හසුවන්නමු.......
මනමාලියන්ට ඇන්දවිල්ලේ සිට
ගොනාට ඇන්දවීම දක්වාත්
රජ්ජුරුවන්ට සීතාම්බර පට සලුව
ඇන්ඳවීම දක්වාත්.....
ඇතේ එකම
Basic Principle එකකි....
සමහරවිට බලෙන් අන්දවනු ලැබුවත්....
ඉඳ හිට ඇදගෙන නෑමටත්
අපි අමතක නොකරමු......
ඇන්දවීම යනු Art එකකි.....
ඒක ඔය ආවට ගියාට
ප්‍රගුණ කොල හැකි කෙලියක් ද නොවේ........
පේමන්ට් එකේ ඉන්න
ජිල්මාට් වෙලෙන්ඳාගේ සිට
Government එකේ ඉන්නා
ලොකුම ලොක්කා දක්වා……
සියල්ලෝම
මෙම ශිල්පයේ කෙලපැමිනියෝ වෙති.......
දේශපාලනය...
හෙවත්...
දේශය පාලු කිරීමට...
අවැසි ප්‍රධානතම සුදුසුකම වන්නේද
ඇන්ඳීමේ කලාව සම්බන්දයෙන්
(Hon). Degreeයක් ගසා තිබීමයි.......
අපි හැමෝම කන්කෙඳිරි ගාන්නේ
දේශපාලුවෝ.....
අපිට අන්ඳනවා කියාය.......
නමුත් ඇත්ත්ටම ඒක එහෙමද?
මට නම් ෂුවර් නැත........
මොකද
අපේ ශ්‍රී දේශයේ නම් Run වෙන්නේ
ඊට වඩා හත් පසින්ම වෙනස්
Operating System එකක් නිසාවෙනි.......
අපිට
කවුරුත් ඇන්දවිය යුතු නැත.....
එය අපට කොරන
බලවත් අපහාසයකි.....
මන්ද යත් අප රෙදිපිළි තාක්ෂණයේ
අග තැන්පත් ඔස්තාර්ලා හෙයිනි.....
කල යුත්තේ
රෙද්දක් පෙන්වීම පමණි.....
රෙදි කපා මසා ඇඳ ගැනීමෙන්........
නොනවතින අපි එහි හැඩ බැලීමටත්
රුසියෝ වෙමු........
ඒ අපේ හැටිය.....
උපතින්ම අපි දස්සයෝ වෙමු.......
බලාපොරොත්තුව......
ඇත්තටම උඹ කවුද?......
සැපත නම් වු
කඳු මුදුනේදී.......
අප කරමත වී හිඳින නුඹ......
අවාසනාව නම්වු.......
බෑවුමේදී
අප වැටෙන්නට නොදී
රඳවාගෙන හිඳියි...........
දෝමනස්සයන්ගෙන් පිරුණු
සාගරක ගිලෙන
නැවියෙකුට.......
විටෙක ඔබ තිමිංගලයෙක්
වන බැව් සැබැවකි..........
නමුත් නුඹට කිසිදිනෙක
දුර ඈත පෙනෙන
කුඩා එලි තිතක් වනු නොහැකිය...........
කාන්තරයක අතරමං වුනු මගියෙකුට
විටෙක නුඹ මිරිඟුවකි......
නමුත් නුඹට කිසිදිනෙක
ක්ෂේම භුමියක් වනු නොහැකිය.................
මග වැරදුනු කප්පිත්තෙකුට......
නුඹ වලාපෙළින් ගහන රෑ අහසක
තනි තරුවක් විය හැකිය....
නමුත් නුඹට කිසිදිනෙක
මග පෙන්වන…..
පහන් තරුවක් වනු නොහැකිය.....
Sunday, June 27, 2010
ශ්‍රිලාංකීය බේබද්දාගේ අවිනිශ්චිත අනාගතය.....
මාස ගානක් එකතු කොරාපු
සල්ලි වලින් Bacardi කීපයක් අරන්
කොරාපු කුපාඩි වැඩ ගැන නම්
මට කිසිම
Upset එකක් නොමැත.......
ඒ කෙසේ වෙතත්...
ආදරණීය ගල් බෝතලේට
ගහපු බද්ද නම් ඉවසිය නොහැකිය........
දේශීය නිශ්පාදන
බාර් වල වැහිවැහලා ඇති
මේ අබුද්දස්ස කාලයේ...
Original ගලක් සොයාගැනීම
කලුනික සොයනවාටත් වඩා
අමාරු බව දන්නේ
එහෙමත් කෙනෙකි.....
එහෙම තියෙද්දිත්
ඒකටම කෙලින එක නම්
හිතට පට්ට අමාරු වැඩකි.....
බොන්නේ නැති එවුන් නම්....
මේකට හූ මිටි තබන
බව කීමට මට.......
විශේෂ ඥානයක් වුවමනා නැත....
ඒ වුනාට රට ජාතිය ගැන හිතන
අපි වාගේ දේශීය බේබද්දන්ට
යන කලදසාව ගැන
නම් කවර කතාද.......
අබ්ලික් නිර්වචන....
ආදරය.....
Definition
රහිත...
Conditions
විරහිත....
සිතුවිල්ලක්
විතරමද?......
හිත......
Guide පොතක්
නොමැති….
Controls රහිත….
Season නොකල
යන්ත්‍රයක්
විතරමද?......
ජීවිතය......
Complete Note
එකක් රහිත
Subject එකක
Open Book
Exam එකක්.....
විතරමද?
Heart එක.....
Break උනාම
ඇඬෙන......
Touch උනාම
වැදෙන…..
පොම්පයක්
විතරමද?
සතුට
නැතිදාට…
එපාවෙන
ගත්තදාට….
Out වෙන
Batting Power-Play
එකක් විතරමද?
දුක
ගත්තොත්
ජල්බරි….
නොගත්තොත්
Mandatory....
Bowling Power-Play
එකක් විතරමද?
මම ඛව්ද?......ඌ ඈම් අයි......??
ඌ ඈම් අයි......?
ඇත්තටම මම ඛව්ද?
බොහොම Subjective ප්‍රශ්නයක්.....
මේක මාර අවුල් ප්‍රශ්නයක්......
කොටින්ම කිවොත් සැහෙන්න
බොන්න ඕනෙ ප්‍රශ්නයක්.......
මොකෙද හුඟක් ඈයො මේකට දෙන්නේ
වැරදි උත්තරේ......
නමුත් අප්සෙට් එක කියන්නේ
මෙක අහන
හුඟක් එවුන් බලපොර්ත්තු වෙන්නෙත්
ඒ අබ්ලික් Answer එකම තමයි.....
එතොකොට හරි උත්තරේ දුන්නොත්
ඒත් කේස්....
ඇත්තටම සීන් එක මේකයි
චූටි පටලැවිල්ලක්
ගොඩක් එවුන්
මේ WHO කියන්නේ
Wඅකුරෙන් පටන් ගන්න
ඔක්කෝම ප්‍රශ්නාර්ථවලටයි...........
අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා......
ගෙනුත් නොනැවතී....
නත්තා පනත්තා දිහාට යනකල්....
ඔක්කෝම අටුවා ටිකා ටිප්පනිවලටයි.....
බලාපලකො ඒකේත් හැටි.....
ඒ කියන්නෙ
උන් දන්නෙත් නෑ
උත්තරේ.....
ඔයා කවුද?
කියල කෙනෙක් ඇහුවොත්
ඇත්තටම මොකද කියන්නෙ කියල
මට නම් දැන් ඇත්තටම ප්‍රශ්නයක්.....
වාසනවකට වාගෙ මම නම්
උත්තරේ දන්නව.....
මම ගැන….
අඩුගානෙ දන්නවා
කියල හිතාන ඉන්නවා කියමුකො............
මොකද හිතන්නේ......
ඇත්තටම මම කවුද ආ..?
ඌ ඈම් අයි......?
නොපිපි සිහිනය.........
ලියනවා ලියනවා
ඉවරයක් නෑ....
සිතුවිලිත් උනනවා.......
නැවතුමක් නෑ.......
හිත තාම එහෙමමයි......
සැනසුමක් නෑ.......
මම තාම මෙතැනමයි
ඔබ තාම නෑ.......
උණ්ඩි කල කඩදාසි
කාමරේ පුරා........
නිම නොවුනු කවි පේලි
තාම ඇත බලා.......
හිත තාම උණුහුම්
සිතුම් දෝරෙගලා........
ගසාගෙන යයි නොපිපි
පෙම ඉවුරු තලා.......
කාලයක් තිස්සෙ මැවු
හීන හඬ හඬා......
ඇවිලෙනව හදවතේ
පතුළෙ බුර බුරා......
ජීවිතේ සඳ මඬල
නුඹයි මගෙ සදා.......
ඒ වුනත් නැහැ එළිය
ඇවිත් කළු වලා.......
Saturday, June 26, 2010
සම්පූර්ණයෙන්ම ඇඩල්ට්ස් ONLY.......
සලුපට අහසට ගිහින්.....
සඳ යහනට එත්දී...
ගිනිගත් මධුසමය හන්ඳා
සුරයහන ගිනි අරන්..........
රාගයේ උණුසුමට.....
Girl Friend දිය වෙද්දී......
අක්කා නගෝ වෙන්වෙලා....
ඇගේ වෛරය 1ක නමින්.....
1කට පසු 2ක 3නද.....
House of Pleasure සමග…….
Natural Science Teacher එක්ක…
මච්ඡක්කන්නි ඇවිත්........
සිහින දේශයෙන්…….
බැස්ස බහුභාර්යා නිසා..........
Mid Night Heat එක...
Too Hot to Handle වෙලා....
අග්නිදාහයේ දුටු.....
සම්භාව්‍ය රස ගුලා.........
තිනි තටුවකට වෙලා.......
අක්ෂරය බිහිකලා.......
නිහැඬියාවේ දෝංකාරය.....
ඔබ ඔතැනමද
තවමත් හිඳින්නේ......
මෙතැනමයි
තනිවම...
මා නම්
කඳුල ඉකිබිඳිනා
රැයේ.......
විරහ සිතුවම්
පාවුනේ....
ගත රිදුම් දෙන
සීතලේ....
කොහිද උණුසුම
ආදරේ....
හීනයක් දෝ....
නපුරු...
ගීතයක් දෝ...
නුහුරු....
ජීවිතය දෝ...
මේ අපේ...
ඔබ මා දෙස
මා ඔබ දෙස
නෙතු නොසලා...
බලා හිඳින්නෙමු.....
නාඳුනනා
වේශයෙන්...
නෙතු රවටා
හඬා වැටෙන්නෙමු...
ලොව හමුවේ
සිනා සලන්නෙමු
මිලාන වු....
හීනයක තනිවී...
හද විලාපදේ....
ස්නේහයෙන්
තොරවී.....
හෘදයවස්තුවේ අන්තිම කැමති පත්තරය....
එක මොහොතකට
දැනුනත්………
ජීවිත කාලයක්ම
හැඟුනත්…………
කල්ප කාලන්තරයක්
පෙරුම් පිරුවත්
ආදරේ ආදරේමයි........
සුන්දරයි...අසුන්දරයි....
මිහිරියි..අමිහිරියි.....
කොටින්ම කීවොත්
හැමෝටම අවශ්‍යයි....
නිර්වචන අනවශ්‍යයි....
බැඳීමයි ආදරයයි.....
එකක් නොවේ.......
ආදරය කොන්දේසි
විරහිත නමුත්
බැඳීම් එසේ නොවේ.....
නමුත් එය නිදහසට
කාරණවක් හෝ.....
සධාරණීකරනයක් ද නොවෙයි......
යථාර්තවාදී නොවන
හිතළුවක්ද නොවෙයි......
සතුට සැනසුම කරා දිවෙන
සිතියමක්ද නොවෙයි........
විශ්වාසය මත රැඳුනු
දිවුරුමක්ද නොවෙයි......
අපි ඇත්තටම පතන්නේ
සැබෑ ආදරය නම්....
එය බැඳීමක් කොට ගෙන
උපන්ගෙයිම මරාදමන්නේ ඇයි?.....
සමාජ සම්මතය යන
අග්නිජාලයෙන් මදක් ඉවත්ට වී
ගිනිකන වැටුනු දෑස් මුද ගෙන....
එකම එක වතාවක්
ලෝකය දෙස බලන්න....
ආදරය...ආශාව...
යුතුකම්...වගකීම්.....
මේ පැටලුනු නූල්බෝලයේ
කෙලවර කොතැනද?
ජීවිතය එතැනද?
නො එසේ නම් අන්තැනකද?
තීරණය ඔබගේය......
ආදරය අප සැමගේය.....
Friday, June 25, 2010
ඔබ එනතුරු....
ආදරණීය........
ඔබ එනතුරු
බලා සිටියෙමි.....
අනන්තය දෙස.....
ඇසිපිය නොසලා....
නෙතු අවිවේකෙන්.....
බලාපොරොත්තුව දෝත දරා....
ඔය නෙතු සඟලේ
කැලුමින් සැනහී
නුඹ මුව මදහස
සිසිලස විඳ ගන්නට...
අසරණ මා සිත පෙරුමන් පිරුවා...
තවමත් මතකයි.....
හෝරා හෝරා ගතවන ඉක්මන
නොදැනේ නොහැඟේ.....
නුඹ.....
හදවිල සක්මන.....
මුලු ලොව නිසලයි....
හදවත සසලයි....
සිතට අකීකරු සිතුවිලි දිවයයි....
අනන්තයේ.....
වැට කඩොලින් ඔබ්බට...
Vegetarianගේ සිහිනය......
චුන්ද සූකර
ඇන්දුවා මට........
කුක්කෙකුට
එළුවෙක් කියා.........
දැනට නම්
නෑ කිසිම අව්ලක්.......
බයයි පය
ඉස්සෙයි කියා.........
හරක කෑවම
පව වැඩිලු.....
කුකුලාට
වැඩියෙන් බර නිසා.....
හල්මැස්සාට
පව් නැතුව ඇති....
කූනිස්සො ගැන
තව මොන කතා......
කන්නට එපා
ගම් බිත්තරේ.......
ඔය උපාසක ඒවා
ගනින්........
ඩිම්බයෙන්
Bullසායි දැම්මට.....
තාම අපි
Vegetarian….
දිය මසද නැත්නම්
ගොඩද......
Compare කොරමුද
පාපයන්.......
කොයි එකත්
ජීවිතයක් නෙ බං......
ඉතින් මොකටද
ඔය උලව්..........
පෝය දවසට
කන්න හොඳ නෑ........
හඳ මුදුනටම
එන නිසා.......
දානෙකට
මැරුවාට පව් නෑ.....
පිනට පව
Write-Off නිසා............
පිරමිස් සහ තිස්බි.....Pyramus & Thisbe.
ඔබ මගෙද?
මා ඔබෙද?
නොමැත වැටහෙන්නේ........
හිත මගෙම...
මා ලඟද?
ඔබ තමයි දන්නේ........
හදවතට
දැනෙන දුක...
නොමැත වාවන්නේ......
අපි අපේමද?
ඇත්තමද?
මේ කියන්නේ.........
ඔබ ඔතැන
මා මෙතැන
ජීවිතය අන්තැනක.....
අපි අපිම
නොදැනුවම......
වැලඳගෙන ආදරය.....
කඳුලු කැට
සඟවන්න......
ඉඩක් නැහැ හදවතේ......
ගලා යනු මැන
නෙතින් දුක.....
අරන් සිත් මලේ.....
හීන අහුරක්
අරන්....
එන්න ඔබ රාත්‍රියේ......
වැතිරෙන්න
නිහඬවම......
මගේ සන්තානයේ.....
Thursday, June 24, 2010
නුඹ නැතුවම...
මට පිස්සු...
මට පිස්සු....
ටිකක් එහෙමෙ නොවේ
හොඳටෝම.......
එහෙම තමයි කවුරුත්
කිව්වෙ.....
එක හින්ඳා මාත් ඔහෙ පිළිගත්තා.....
ඉතින් මට පිස්සු...
හැබැයි...
එකෙත් පොඩි ආතල් එකක්
නැත්තෙමත් නෑ....
මොකද පාට කන්නාඩියක් නැතුව
ලෝකය දිහා බලන්න…….
අසම්මතයේ සැරිසරන්න….
ඒකෙන් මට Radio ලයිසන් එකක් ලැබුන....
වෙනදාට මම කියපු ඒවට
ඔරොප්පු වෙච්ච එවුන්
දැන් කිසිම අවුලක් නෑ...
මොකද මට පිස්සු නිසා....
බලාපල්ලකො එකෙත් හැටි....
ඉතින් මට පිස්සු
ඔන්න මම ආයෙමත් කිව්වා.......
වැඩේ කියන්නෙ මේක
හා හාපුරා කියලා….
Diagnose කෙරුවේ අපේ
තංගච්චි......
ඒකි කොයි වෙලෙත් කියන්නේ
My lovely Brother
උඹට නම් පිස්සු......
අම්ම නම් කිවේ
මට 1/2ට පිස්සු කියලා.....
තත්තා නම් කිව්වෙ
ගනන් ගන්න එපා ඕවා
ඔහොම තමයි කිවා...
අම්මා එතකොට කිව්වා...
අප්පගෙම පුතානෙ කියලා.....
එකෙන් වැඩේ Confirm වුනා....
ඉතින් මට පිස්සු.....
Campus එකේදි රැග් වෙනකොට
සින්නෙක් ඇහැවුවා
අඩෝ කුණු ෆ්‍රෙශා....තොට පිස්සුද...
මම ඔව් කිව්වා.......
ඉතිරි හරිය දන්නවානෙ...
බඩුම තමයි.............
ලෙචාල නම් කිවෙ පිස්සු
කෙලින්නෙ නැතුව
ඉගෙන ගන්න කියලයි.....
Union එකෙ එවුන් කිවෙ
ගනන් ගන්න එපා ඕකුන්ට
පිස්සු කියලයි.....
ගමේ එවුන් නම් කිව්වෙ
මුං ඔක්කොටම පිස්සු කියලයි...
මම අහපු හැම කෙල්ල ම
ඇහැවුවේ පිස්සුද
නැත්නම් හැටිද කියලයි......
බැරිම තැන
මම කන්නඩියක් ලඟට ගිහින්
මගෙන්ම අහල බැලුවා.......
සීන් එක ඇත්ත ද කියල
ඌත් මගෙන් අහපි.......
යකො තොට පිස්සුද කියල...
එකෙන් වැඩේ Re-confirm වුනා....
ඉතින් මට පිස්සු.....
කල් බැලීම........
හිරු ගිලිහී පිබිදී....
දින දින ගතවී......
සිත කැළඹී විසිරී...
යලි නිසසල වී.....
අඳුරේ තනිවී...
මා නෙතු බොඳ වී....
සෙවනැලි බිතු මත
මුමුනයි දුක් ගී.......
තනිවී...
සිව් මානයක
සිත තනිවී....
ලෝකය දකිමී....
එක කව්ළුවක
සිත සිරවී....
කොයිබද දොරටුව...
නොදනිමි..
නොම දකිමී...
අඳුරේ සිහිනෙන්
ආලෝකය සොයමී....
දිවියේ පැතුමන්
දස අත විසිරී.....
මුළු ලොව හමුවේ...
සිත අසරණවී.....
සිත සැනසුම වෙත....
යාවෙන මාවත
විමසයි නිතරම...
හතිලන හදවත……
නිදහස.....
සියොතුන් විඳින
නිදහස......
සෙනෙහස....
සිතකින් ලබන
සෙනෙහස.....
බැළු බැළු අත රැඳි...
අඳුරේ ඡායා.....
පවසන හඟවන...
සැඟවුනු ආශා.....
දෙනුවන් අඹරේ....
පුර හඳ වියැකී....
සිතුවිලි සයුරේ....
රළ පෙළ කැලඹී....
පවසන අදහස...
මතුවන උදහස....
සඟවයි මුළු ලොව
සනසන මදහස...
Wednesday, June 23, 2010
කාල යන්ත්‍රය.......
අතීතයෙන්
ඇවිදින් අමුත්තෙක්......
විමසනව අනාගතේට
යන පාර.....
මොනව කියල නම්
කියන්නද?
මම කිව්ව ගොහින්
වර්තමානයෙන්
අහන්න කියල.......
මිනිහ ගත් කටටම කියපි
“වර්තමානය දන්න
කෙංගෙඩියක් නෑ.....
මිනිහා අද
ඔය ඉන්න තැනට අවෙත්
මගෙං අහගෙන කියල”.....
බැලුවහම මිනිහ හරි.....
වර්තමානෙයෙ ඉන්න අපි
හිතන්නෙ එක තමයි
හැමදේම කියලා......
ඒ වුනාට හැබෑ ලොක්ක
තමයි කාලය....
ඒ වුනාට උදේ ඉඳන් රෑ වෙනකම්
Science Fiction ම
බලලා කුරුවල් වෙච්චි
මගෙ හිතට නම් සැටිස් නැහැ
මේකා අහනවා.....
ඔය තුනම කවලම් වුනොත්
මොනව වෙයිද කියල.....
මමත් ෆුල් හොල්මං....
ඔන්න එතකොටම වාගෙ
මොළෙන් සිග්නල් එකක් ආවා
"ලොක්ක ඕකට ටිකක් විතර පිස්සු...
ගනන්ගන්න එපා කියලා....
ඒකත් එහෙමද?....
කියපු මම අතීත මිත්‍රයාව
එලියට දමල දොර වැහුවා.....
දඩස් ගාල....
හැබැයි චූටි අවුලක්
නැතුවමත් නොවෙයි.....
කාටද පිස්සු හැබෑටම?
හඳට බල්ලො බුරාපුදෙන්....(Moonshine with Mr.MOON)
අනේ හඳ මාමේ
මා කියන දේ අහගනින්......
නිකන් වේලෙන් නැතුව
ගොහින් බුදියා ගනින්......
උඹෙ ඔය Recondition
කොරපු ඉර එලියේ...
උඩුබුරන්නේ බල්ලො
විතරයිනෙ මෙ හරියේ.....
තරු එක්ක දැම්මාට
ඉඳ හිටල ගණන්....
එව්ව නම් බෑ මෙහේ
කරන්ට් එක ගිනි ගණන්.......
කම්මැලිම නම් ඉඳහිටල
මෙහෙ ඇවිත් යන්න......
බැරියැ Skyscraperයක
වහලෙ උඩ සෙට් වෙන්න.......
හඳ එලිය (Moonshine) බාගයක්
විතර වැඩකරන කොට.....
කියහන්කො බන් උඹේ
හාවාගෙ story එක.......
"ශක්‍රයගෙ ***ට"....
එපා අවුලක් ගන්න......
නිකමටයි ඇහැව්වේ මම
අනේ මට sorry වෙන්න......
ඔනෑනම් උඹට ඔය
හාවගෙන් ගැලවෙන්න.....
ඕක ඩෝසර් කරමු
Seatඑක රත්වෙන්න............
එපා ඔය කිසි දෙයක්
සිරාවට අරගන්න.....
තව එකක් අරගෙනම kick
එකට සෙට් වෙන්න......
ප්‍රේම කවි කාරයෝ
කීවෙ සිසි වත කියල.....
දැනුයි බොල තේරන්නේ ඒ
කින්ඩියට කියල.......
මීටර් උනොත් කෙල්ලොන්ට
උඹේ Crater....
උන්ගෙ කවි copy කෙරුව
ඔක්කෝම චාටර්.....
ඒ මොක උනත් හඳේ
උඹ නියම බුලට් එක......
මට ටිකක් වැඩියි වගෙ
Lose වෙලා රිවට් එක.............
නොගැලපීම.......
රිදුම් දෙනවා
මගේ හදවත.....
බිඳී ඉහිරුණු ආලයෙන්........
ඇදුම් දෙනවා
හිතේ අහු මුළු......
පරාජිත අභිමානයෙන්..........
කවුරු කාටද
වැරදි කෙරුවේ
පලක් නැහැ අනුමානයෙන්.........
බිඳුනු සෙනෙහස
මරා උදහස
බුරා එයි සන්තානයෙන්.......
නොගැලපුනු ගැලපුනු
සිතුම් ගැන
පලක් නෑ සෝබරවෙල.......
විස්සෝපයෙන් හිත
කීරි ගැහුනට
අපිට අපි ඉස්සරවෙලා........
වර්තමානය මරාගත්තත්
අතිතය
හා එක්වෙලා................
අනාගතයට ඉඩක් දෙමු
අප දෙපැත්තක
හිඳ ඉවසලා.....
නුඹට මටවත්
මට නුඹටවත්
නොම දැනුනු අප ආදරේ.......
ලොවට රහසක්
වෙලා තිබුනට
එබී බලපන් හදවතේ...........
කඳුලු අතරින්
සිනාසෙන්නට
අමාරුයි වස්සානයේ..........
මතකයේ
හුදු ශෙෂයන් ලෙස
සමුගනිමු අවසානයේ........
Tuesday, June 22, 2010
අබුද්දස කාලේ හේතු ඵල වාදය.( කෙටි-Length Version එක )
අද
වහින නිසාත්...
හෙට
පායන නිසාත්......
පෙරේදා
ගොරවපු නිසාත්......
අනිද්දාට
පින්න නිසාත්.....
පෙරෙයිදට පලමුදා
මීදුම නිසාත්......
ඉංඅනිද්දාට
මට ෂුවර් එකට කෙලවෙනු ඇත......
ගිය මාසේ
ගං වතුර නිසාත්........
ලබන මාසේ එන
නියඟය නිසාත්.......
ජනවාරිවල
ඡන්දය නිසාත්......
පෙබරවාරිවල
වැලන්ටයින් නිසාත්......
ජූනිවල
IIFA නිසාත්
මේ ජූලියේදී නම්
මට හතේ හතම වදිනු ඇත.......
සින්ඩියට
රිංගන නිසාත්....
බූන්දියේ
ලණු කන නිසාත්.....
මූණු පොතට
LOG වෙන නිසාත්.......
FIFA වර්ල්ඩ් කප්
එක නිසාත්....
UNICODE වල
කොම්බුව නිසාත්.....
මෙ අවුරුදෙත් මට
වැලේ වැල් නැතිවනු ඇත.....
මගේ හැටි.....නෑ නෑ වැරදුනා....අපේ හැටි...
මම
මමය
මාගේය......
අපිද එසේමයැයි
සිතමු.......
එනම්
අපි
අපය.....
නමුත් අපගේය
කියා මගුලක් නැත......
එයද මගේමය....
අපේ යනු
ආත්මාර්ථය නම්වු
හෙළුව...
යන්තමට වසාගන්නා
පිළි කඩක් පමණි......
සාර්ථක නම්
එය මගේ වැඩකි.......
ලෙඩක් නම්
එය අපේය.......
ස්වර්ගයට
තනියම යාමට
පොරකෑවත්...
අපායට එසේ නොවේ....
එහිදී අප හැමවිටම
පරාර්ථකාමී වෙමු....
වලට යන්නේ නම්
ඒ තවත් එකෙකු ඇදගෙනය......
ඒ අපේ උපන් හැටිය....
උපතේ සිට
මැරෙන මොහොත දක්වා
මම හිතන්නේ
එකම දෙයකි.....
මම ගොඩ යන්නේ කෙසේද?
හැම සිතුවිල්ලකම උපදින්නේ.....
උත්තම පුරුෂ 'ම' යන්නෙනි....
නමුත් එය වදන් වලට
හැරෙද්දී...
පුදුමාකර ලෙස
පරිවර්තනය වේ....
මොකා මොන බයිලාව ගැසුවත්
අපෙ හැටි ඔන්න ඔහොමය.....
තිත්තය......
නමුත් ඇත්ත කවදත්
එහෙමය.....
Monday, June 21, 2010
ඉවසීම.....
කාලය...
පලයන්
අහකට.....
නොවියන්
තවත් එක බරක්......
මගෙ උර මත......
ප්‍රේමය නම්
වියැකී
දැනටම......
තුතියි.....
හිස් කෙරුවාට
මයෙ හදවත....
පියඹපන්
අනාගතයට...
අතීතයෙන්
වර්තමානයට...
නොනැවතී.....
ඉදිරියට.....
පසුපසට......
නැවතත්
සමාන්තරව.....
උඩුකුරුව..
යටිකුරුව....
මානයෙන්
මානයට....
දුවපන්........
ඒ වුනත් ඉවසාපන්
ඩිංගක්
මා එනතුරු
එළියෙන්
අන්ධකාරයට.........
Sunday, June 20, 2010
යථාරූපී සිහින.......
Saturday, June 19, 2010
පටලැවිල්ල.......
ලස්සන ඇස්.........
ලස්සන ඇස්වල
රැඳුනු සුපෙම් සුව....
විඳිනට මා හට
නොමැත වරම්....
සිතෙ රැඳි සෙනෙහස
සිඳිමිද කෙලෙසක....
මේ දුක වාවනු
නොහැකි තරම්...
නොසිතූ මොහොතක
නොපැතූ ලෙසින්
හමුවූවත් අප
නුහුරු වෙසින්
නෙතුවැල් බඳුනා
සිත් මුණගැසුනා...
අප පෙම් ලොව තුල
සැරිසැරුවා.....
දෙසිතක බැඳි පෙම්
දැහන ඉරා...
ලොවම අපට දැන්
එරෙහි වෙලා....
නෙතු කඳුලු ගලා...
සිත උමතු වෙලා......
සොඳුරී...අප අපටම
අහිමිවෙලා...
Friday, June 18, 2010
ප.ලි ......
සමාදෙන්නේ
කවුරු කාටද?
සමුදුන්නාට
නොගත්තානම්...........
පමාවෙන්නේ තවත්
කොහොමද?
හදවත අරන්
තිබ්බා මං.....
කිසිම ගානක්
නැතුව වාගෙයි....
සත්තමයි....
ලොව චංචලයි......
මටම පුදුමයි
මං ගැනම දැන්....
ඉරුණු හිත හරි
නිශ්චලයි.....
සොයාගන්නට
අතරමං වූ......
කඳුලු කැට
මයෙ හිත් මලේ........
වෙලා ගත්තට
විරහ සිතුවිලි.....
මතකයන්
කුණු බක්කියේ.....
Thursday, June 17, 2010
මායාව.....
සිත නිදිබර හෝරාවක
නෙතු අභියස මායාවක
සිරිගත් රූ ඡායාවක
මතක මැවෙනවා.........
අඩවන් නෙතු පියන් දොරින්
මැවෙන දසුන් හැම අතුරින්....
එකම රුවක සොඳුරු සිරිය
සිතට දැනෙනවා........
පාඩම් පොත් පිටු අතරින්...
සටහන් මිටි රූ පතරින්....
සොඳුරු නෙතින් නුඹ මා දෙස
බලා ඉන්නවා......
හෝරා ගතවන ඉක්මන...
නොදැනේ හද විල සක්මන....
ආදරයෙන් නුඹ මා හද
පුරා ඉන්නවා.....
ගැහෙන හදවතේ රිද්මය...
සමග මුසුව ඇත විස්මය....
නුඹේ සුවඳ මා හදවත
පුරා ගලනවා......
ඔය නෙතු ලඟ නැවතී..
තරුවක් වෙලා
ඉන්නම් අහසේ......
එළියක් වෙලා
සඳ නැති දවසේ....
සැනසුම් සුසුමක් වී
ඔබ පහසේ.....
රැඳෙන්නම් හොර රහසේ.....
තනිවුනු මොහොතේ.........
අතැඟිල්ලක එල්ලී
ඔය නෙතට එබී.....
හසරැල්ලක මුසුවී....
නුඹ ලඟම රැඳී......
ඉන්නට ඇතිනම්
ඔබෙ සුවඳේ වෙලී.......
මුළු ලොවට වඩා.....
මට ඒ මොහොත වටී.......
සිතුවිල්ලක් වී.....
නුඹෙ සිතට වැදී.....
පවනැල්ලක් වී
නුඹ ගත දැවටී......
සෙවනැල්ලක් සේ.....
ඔබ ලඟම රැඳී.......
ඉන්නම් සැමදා
ඔය නෙතු ලඟ නැවතී...
නැවතුනු තැන..
සිතුවිලි මල් මැලැවී
බලපොරොතුවේ
සුවඳ වියැකී......
හදවත නිසලව
බලා හිඳී......
සැනසුම කඳුලක දියැවී
අනාගතයේ..
පැතුම් සැඟවී.....
අඳුරට ඉඩදී
හිරු මිලානවී........
සෙවනැලි.....
රජයන මාවතේ.....
සොයමින් අරුතක්
ජීවිතේ.....
පමණ දුටිමි
සංසාරයේ....
සුවය නැමැති
සන්තාපයේ......
ඉමක් කොනක් නැති
ජීවිතේ....
සදා නොනිමෙනා
රාත්‍රියේ.....
පහන් කණුව
අවබෝධයේ......
සොයා ඇදෙමි සිල
ඥානයේ....
නිර්වචනය..
උද්‍යානයක් බඳු දියතෙහි...
සක්මන් කරන
සංචාරකයන් වන අප
ජීවිතය
නම් වූ නිවහනට
මඳකට
ගොඩවැදුනු
අමුත්තන් වන්නෙමු...
කාලය නම් රිවි.....
පිබිදී සැඟව යන තුරු.....
ඔරලෝසුව නම් දැලකින්...
අප සුළං බදන්නෙමු.....
අනන්තය පරමණු වලින්
කිරන්නෙමු......
සැබැවින්න්ම චලිත වන්නේ....
හිරුමද?......
නැත්නම් අපිමද?
සැබැවින්න්ම වැයවන්නේ...
කාලයද?......
අපි අපිමද?
විශ්වයේ ඉමක් කොනක්
නොදන්නා නමුදු.....
අපි එහි පාලකයින්
ලෙස සිතන්නෙමු.........
කාලය සමග
ගැටෙන්නෙමු.....
ඇදවැටෙන්නෙමු....
යලි නැගී සිටින්නෙමු....
හිනැහෙන්නෙමු....
වැලපෙන්නෙමු....
අමරණීය සිහිනතුල
මිනිසුන් ලෙස මැකීයන්නෙමු...
ආශාව..........
ආශාව නුඹ කොහිද?
මායාව නුඹ නොවෙද?
පෙලන මා සිත රෑ දිවා.....
නිමේශෙන් නිමේශෙට
වෙනස්වෙන හීනයක
තනිවෙලා......
මගෙ හිත.......
නොපෙනෙනා මානයක
ගොළුවෙලා......
නෙතු පතන මනකල් දසුන්.....
වේ නැණැස බිඳිනා රුපුන්....
සදා නොනිමෙන
හීන ලෝකෙක...
තනිවෙලා
සිතුවිලි සොවින්.....
සතුට දුර ඈතක ගිහින්......
මොහොතකට ලබනා තුටින්
බිඳී විසිරේ සිත දුකින්
පෙනෙන නොපෙනෙන....
දැනෙන නොදැනෙන....
අඳුරු සිතුවිලි
මතුවෙමින්.....
හෙලයි කඳුලේ සිත යලී..
පරාජිතයාගේ උදානය...
ස්නේහයෙන් තොරවූ
නමුදු හදවත.....
ද්වේෂවෙන් කිලිටිව
නොමත හිතවත.....
අතීතය නම්වූ අඳුරු
නිමේශය.....
මගහලෙමි වෙනුවෙන්
ප්‍රභාතය.....
අපට අප ගැන
නොමැති සෙනෙහස...
පුදමු ලොවටම...
නැතිව උදහස....
ඔබට වේ ජය...
ඔබේ මාවත.....
නතරවෙමි මම....
සමග මානය.......
නැතත් අහිතක්...
නෙතෙහි කඳුලක්
නොමැත නොකිලිටි
සතුටු හැඟුමක්....
තවම මිනිසත් බවෙහි
නටබුන්.....
මමත්වය හා මුසුව
කෙලෙසුන්......
තවමත්..
ඔබ තාම ඔතැනයි
මම මෙතැනම...
අපි තාම එහෙමයි
ජීවිතයම...
හිත තාම වැලපෙයි
ආදරයද?...
කඳුලු කැට එමටයි...
වස්සානය.....
මිදී නැවතී ඇත
කාලය......
කවුරුන්ද නිවැරදි
නොමැත වැටහෙන්නේ..
නොපිලිගත්තත් සැරද
එකම සිතිවිල්ලක්
නැවත නැවතත්
සිතට වද දෙන්නේ....
සැබැවින්ම මේ අපිමද?
නොමැත හඳුනන්නේ....
ආදරය යල්පැනගිය
මුසුවී වේදනාවක්...
සපැමිණ යලි යලිත්
එබිකම් කර යන්නේ....
මිනිසත්කම...
අනුන් දුකට ඉවත බලන්....
හිස හරවන් යන මිනිසුන්...
තව කොපමණ කල මේ දිග...
නළුව රඟන්නද?.....
සිතිය යුතුයි මිනිසුනේ...
කල් එලඹී ඇති බව නම්....
මගේ හැඟීමයි.......
මරණය වේ උපදින විට
අප හැම ගෙන එන උරුමය.....
කරුමය නම් වී අමතක එය
රජයන නොමිනිස්කම......
හැරයන විට ගෙනයන්නට
බැරි බව සන්තක වස්තුව.....
කෙදිනක නම් වැටහේ විද
අගනා බව මිනිසත්කම......
සතුට කිය දුක පළඳා
යුද වැද ලෝකය වනසා.....
වෛරය ක්‍රෝධය වපුරා
නෙලමුද සැනසුම කවදා?....
ලොව ඇති අමිලම වස්තුව...
වේ අප සතු මිනිසත්කම.....
එබිකම් කර හද පතුළට....
දකින්න එහි ඇති ලස්සන..
අතීත සැමරුම....
මල් පැහැයට නෙතදී...
පිට ඔපයට රැවටී...
ගිනිකන වන්
මුව පොවුවකු සේ....
සිත ඔබ ලඟ දැවටී...
සිටි හැටි තවමත් මතකයි....
ආදරයෙන් අඳ වී...
තවමත් මම එකඟයි.....
ඔබෙ රූ සිරි තව එහෙමයි....
මතකය ඩිංගක් පරණයි.....
ඒ වුනාට
හිත තවමත් තරුණයි....
නුඹ ගැන තව විමසයි......
ඉඳහිට රෑ ජාමේ......
මම තාමත් මම මයි....
කාලය පමණක් පරණයි.......
සිතුවිලි තවමත් සුවඳයි...
රෑ වුනාට...
මගෙ ලොව තව එළියයි....
හිරු නැති බව ඇත්තයි....
මුත් සඳ දිලිසේ.....
නුඹ නැතිදා...
රෑ අහසේ..... සඳ නෑ......
මෝදු වෙලා.....
තරු කැන් පිරිලා......
හද විමනේ....නුඹ නෑ....
රැඳිලා....
ඇය සිත ඇඳිලා......
සඳ නැතිදා.....තරුකැන් පිපුනත්...
මුළු ලොව අඳුරුයි.....
කිසි පල නෑ....
නුඹ නැතිදා.....ඇය මට ලැබුනත්...
මා ලොව අඳුරුයි.....
සිත සුව නෑ....
එක සඳකින්....නික්මෙන කැළුමන්...
නෙක තරු දහසක්...
පරයන්නේ.....
නුඹ නෙතඟින්... ගිලිහෙන කඳුලත්...
ඈ මුව හසකැන්....
පරදන්නේ.....
හිරුට බැඳි පෙම්....
හිරු ගිලෙනා හෝරාවේ..
හිරු ගිලෙනා හෝරාවේ......
සයුරු ඉමේ මා තනියේ....
වෙරළ දිගේ....
සැමරුම් ගොනුවේ....
සිත ගොළුවී....සිතුවිලි තෙරපේ....
අඩ අඳුරේ හද පතුළේ....
දුක නොනැඟේ....
කිම නොදැනේ.....
හිරු තනියේ.....මා තනියේ
සිතිජ ඉමේ...හිත තනියේ....
හිරු මිදුනේ ලොව අඳුරේ...
නෙතු පියැවේ...
දුක් කඳුළු සැලේ....
ආදරියේ... කිමද මෙසේ...
මා හැරදා.... යන්න ගියේ.....
වෙස් මුහුනු බැඳන්..
වෙස් මුහුනු බැඳන්...
ජීවිතයේ....
මායාවට මුවා වෙලා.......
සා මුව කැල මෙන් අනුනගෙ...
ගතියට ආරුඪ වෙලා......
කෙළවර වේවිද මේ රඟ....
කවදා කොතනක හෝ වැද.....
ඉහළට ගෙන ආ ඉනිමග....
මුදුනට ආ පසු කුමටද.....
කළගුණ සලකමු පසුවට...
ඉසගනු වල කල දුටු සඳ....
කියන විලස බණ වැද්දෝ....
ගරු කටයුතු ගුණ ඇත්තෝ....
ඔවා දෙවති වී අමතක.....
වත හෙළිකල බව නිරුවත....
සිතන පතන දේ සඟවා.....
වෙස් බැඳ මුලු ලොව රවටා......
සැඟවුනු මුත් තිර පිටුපස....
නටන්න වෙන්නේ එළිපිට.....
හොඳපිට සහ කණපිට....
පල්සරය....
Subscribe to:
Posts (Atom)